චීනය ගෝලීය සංවර්ධනයට නව කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි විද්වතුන් හා රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පවසයි(1/4)

2017-10-23 19:17:01
Download image Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn
1/4
නව යුගයකට පිවිසී ඇති චීනය ගෝලීය සංවර්ධනයට නව කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි විද්වතුන් හා රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පවසයි.චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනයේදී පෙන්වා දුන්නේ චීන විශේෂ ලක්ෂණයන්ගෙන් ‍යුතු සමාජවාදය නව යුගයකට පිවිසී ඇති බවයි.ඒ පිළිබඳව අදහස් දක්වමින් රුසියානු විද්‍යා ඇකඩමියේ පර්යේෂණ අධ්‍යක්ෂ Sergey Luzianin මහතා පැවසුවේ, චීනය නිර්මාණශීලි ආර්ථික සංවර්ධනය හා ජාත්‍යන්තර සහයෝගතා ඇතුළු ක්ෂේත්‍රවල සාර්ථකභාවයන් ලබා ගැනීමට හේතු වූයේ චීනයේ විශේෂ ලක්ෂණයන්ගෙන් යුතු සමාජවාදී ආකෘතිය බවයි.චීන කොමියුනිස්ට් පක්ෂය මෙවර සම්මේලනයේදී ඉදිරිපත් කර ඇති උපායමාර්ගික සැලසුම් සෙසු රටවලට වැදගත් ආදර්ශයක් බව හෙතෙම පැහැදිලි කළේ ය.

ප්‍රතිචාර දක්වන්න