චීනයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය නව අදියරකට පිවිස ඇතැයි චීන අධ්‍යාපන අමාත්‍ය Chen Bao sheng මහතා පවසයි

2017-10-23 11:11:15
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීනයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය නව අදියරකට පිවිස ඇතැයි චීන අධ්‍යාපන අමාත්‍ය Chen Bao sheng මහතා පවසයි.

බෙයිජිංහි පැවැත්වෙන චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි ජාතික නියෝජිත සම්මේලනයට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ගෙවී ගිය වසර 5 තුළ චීනයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අඛණ්ඩ ව ක්‍රියාත්මක කර ඇති බැවින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ චීනය කැපී පෙනෙන ජයග්‍රහණ ලබා ගෙන තිබෙන බව ඔහු කියා සිටී.ප්‍රාථමික හා මධ්‍යම පාසැල් අධ්‍යාපනය ලැබූ චීන සිසුන් සංඛ්‍යාව මධ්‍ය ආදායම්ලාභී රටවල මට්ටම ඉක්මවා ගොස් තිබේ.උසස් අධ්‍යාපනය ලැබූ සිසු අනුපාතය මීට වසර 5කට පෙර තිබූ තත්වයට වඩා 13%කින් වර්ධනය වී ඇත.චීනයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අඛණ්ඩ ව ඉදිරියට ගෙන යාම හේතුවෙන් රටේ ප්‍රමුඛ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලැසුම් රැසක් ප්‍රකාශයට පත් කර ඇති අතර නව අධ්‍යාපන ක්‍රමය මූලික වශයෙන් සකස් කර තිබේ.

වඩාත් සාධාරණ හා උසස් ගුණයෙන් යුත් අධ්‍යාපන ක්‍රමයක් පිළිබඳ ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට අධ්‍යාපන සම්පත් රට පුරා වඩාත් සමබර කිරීම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ ඉදිරි ඉලක්කය බව චීන අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. ා්‍යා

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති