සංස්කෘතික හුවමාරු පුළුල් කිරීම ජනතාවගේ හදවත් බැඳීම ප්‍රවර්ධනය කිරීමේ වැදගත් මාර්ගයක් බව චීන කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයෝ අදහස් කරති

2017-10-21 16:29:39
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

සංස්කෘතික හුවමාරු පුළුල් කිරීම ජනතාවගේ හදවත් බැඳීම ප්‍රවර්ධනය කිරීමේ වැදගත් මාර්ගයක් බව චීන කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයෝ අදහස් කරති

ඔවුන් මාධ්‍ය හමුවූ අවස්ථාවේදී මේ බව සඳහන් කර තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිත, චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ බටහිර ආසියා හා අප්‍රිකා විකාශන මධ්‍යස්ථාන අධ්‍යක්ෂ ෂියා යුන්ග් මින් මහතා එහිදී පැවසුවේ, සංස්කෘතිය ජනතාවගේ හදවත් බැඳීමේ වැදගත් මාර්ගයක් හා වේදිකාවක් මෙන්ම විදේශ විකාශයන්හී වැදගත් කරුණු වන බවයි. මෑත වසරවලදී චීන ජාත්‍යන්තර ගුවන් විදුලිය රූපවාහිනී ටෙලි නාට්‍ය හා චිත්‍රපට පරිවර්තනය හා නිෂ්පාදනය ඇතුළු සංස්කෘතික හුවමාරු ක්‍රියාකාරකම් පැවැත්වීමෙන් චීනය හා විවිධ රටවල් අතර සංස්කෘතික හුවමාරු තහවුරු කොට තිබෙන බව ද ෂියා යුන්ග් මින් මහතා සඳහන් කළේ ය.

චීනය “එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීමෙන් පසු චීන ජාතික සංස්කෘතික උරුම පරිපාලනය අදාළ රටවල් 12ක් සමග සංස්කෘතික හුවමාරු හා සහයෝගතා පවත්වා තිබෙන බව එම පරිපාලන ප්‍රධානී ලියු යු ජු මහතා එහිදී කියා සිටියේ ය. චීන ජාතික සංස්කෘතික උරුම පරිපාලනය වාර්ෂිකව 100කට වැඩි ජාත්‍යන්තර  ප්‍රදර්ශන පැවැත්වීමෙන් විවිධ රටවල ඉතිහාසය හා සංස්කෘතීන් පිළිබඳ අවබෝධ ලබා ගනිමින් අන්‍යොන්‍ය ලෙස ගරු ගනිමින් වැරදි අවබෝධයන් ඇත්නම් ඉවත් කළ හැකි බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය.


Hao/Shi

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති