චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වෙනි ජාතික නියෝජිත සම්මේලනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍යයන්හී අවධානය යොමු වෙයි

2017-10-21 16:25:59
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn


මෑත වසර පහ තුළ චීන කොමියුනිස්ට් පක්ෂ නායකත්වය යටතේ චීනය ලබා ගත් දිප්තිමත් ප්‍රතිඵල පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය රැසක් ප්‍රශංසා කර තිබේ.

චීන ආර්ථික සහ විද්‍යා හා තාක්ෂණික හැකියාවන් සීඝ්‍රයෙන් ඉහළ නංවා නවීකරණ සමාජ පාලන පද්ධතියක් හැඬ ගසා තිබෙන බව පාකිස්ථාන Observer පුවත්පත ලිපියක් පළ කරමින් පවසා ඇත. එම දිප්තිමත් ප්‍රතිඵල ලබා ගැනීමට හේතුවූයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ස්ථීර නායකත්වය සහ චීන ජනතාව සාමය, සංවර්ධනය හා සමෘද්ධිය උදෙසා එකමුතුවෙන් වෑයම් දැරීම යැයි එම ලිපියේ සඳහන් වෙයි.

ජර්මනියේ Deutsche Welle ගුවන් විදුලි වෙබ් අඩවිය ලිපියක් පළ කරමින් පැවසුවේ, මෑත වසර පහ තුළ චීනයේ ජාත්‍යන්තර බලපෑම විශාල පරිමාණයෙන් ඉහළ නැංවී ආර්ථිකය වේගයෙන් වර්ධනය වී තිබෙන බවයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය, චීන කොමියුනිස්ට් පක්ෂයේ අභ්‍යන්තර සමුළුවක් පමණක් නොව, ගෝලීය බලපෑමක් සහිත වැදගත් සමුළුවක් ද වන බව එම ලිපිය පෙන්වා දෙයි.

චීන කොමියුනිස්ට් පක්ෂ නායකත්වය යටතේ චීනය එළඹෙන නව යුගයේ වැඩි විශාල වර්ධනයක් හා නව ප්‍රතිඵල ලබා ගැනීම ලෝකය බලා‍පොරොත්තු වන බව ඉරාන ඉස්ලම් සමූහාණ්ඩුවේ ප්‍රවෘත්ති සේවය වාර්තා කර තිබේ. චීනයේ විශේෂ සංවර්ධන ආකෘතිය ආර්ථික ගෝලීයකරණ ක්‍රියාදාමයේ ආදර්ශයක් බවට පත් වනු ඇති බව ද එම වාර්තාව පවසයි.


Hao/Shi

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති