චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ චීනය ලද විශාල ජයග්‍රහණ ජගත් ප්‍රජාව ඉහළින් අගය කරයි.

2017-10-19 16:16:56
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි ජාතික නියෝජිත සම්මේලනය 18වැනිදා බෙයිජිංහිදී ආරම්භ විය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී“සුභදායී හා සැපදායී සමාජයක් ස්ථාපිත කොට නව යුගයේ චීන ලක්ෂණයන්ගෙන් යුතු සමාජවාදයේ සාර්ථකභාවය ලබා ගන්නෙමු”යන තේමාවෙන් යුත් වාර්තාවක් ඉදිරිපත් කළේය.

ඒ සම්බන්ධයෙන් විවිධ රටවල දේශපාලන හා ශාස්ත්‍රීය ක්ෂේත්‍ර සහ මාධ්‍ය අදහස් කරන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ චීන විශේෂ ලක්ෂණයන්ගෙන් යුතු මාර්ගයක් ඔස්සේ ඉදිරියට සංවර්ධනය කිරීම, චීනය විශාල ජයග්‍රහණ ලබා ගැනීමේ තීරණත්මක සාධකයක් බවයි.

චීන නායකයන් සංවර්ධන උපායමාර්ග සකස් කොට රටේ ආර්ථික වර්ධන අරමුණ ඉටු කිරීම දැවැන්ත ප්‍රතිඵලයක් බව ඉන්දීය එක්සත් මාක්ස් ලෙනින් කොමියුනිස්ට් පක්ෂ මහා ලේකම් Sitaram Yechury මහතා පැවසීය.

චීනයේ දිළිඳුකම පිටුදැකීම හා නාගරිකකරණ ක්‍රියාදාමය කඩිනම් කිරීමෙන් චීන ආර්ථික වර්ධනයේ සමබරතාව හා සාධාරණ ප්‍රතිලාභ පිළිබිඹු වන බව ඊජිප්තු හිටපු අග්‍රාමාත්‍ය Essam Sharaf මහතා පෙන්වා දුන්නේ ය.

“එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ රාමුවේ චීනය අදාළ විවිධ රටවල යටිතල පහසුකම් සංවර්ධනයට ආයෝජනය කිරීමෙන් එම රටවල ස්ථාවරත්වය හා සමෘද්ධිය තහවුරු කොට තිබෙන බව  ජර්මානු පෙඩරල් විදේශ වෙළඳ හා ආයෝජන මහා පරිපාලන ප්‍රධාන පරිපාලක Jürgen Friedrich මහතා සඳහන් කළේ ය.

චීනයේ සාර්ථකභාවය සංවර්ධනය වෙමින් පවතින රටවල් තම තමන්ගේ සංවර්ධන මාර්ග විමසා බැලීමට වඩාත් දිරිගන්වන්නක් බව බ්‍රසීල චීන ප්‍රශ්න පර්යේෂණ මධ්‍යස්ථාන අධ්‍යක්ෂ Ronnie Lins මහතා පැවසීය.


Hao / Sheng

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති