චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය ඇරඹේ

2017-10-18 10:02:21
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය ඇරඹේ


චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය අද (18) බෙයිජිංහිදී ආරම්භ විය.

චීන කොමියුනිස්ට් පක්ෂ මහා ලේකම් ෂී ජින් පිං මහතා කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි මධ්‍යම කාරක සභාව නියෝජනය කරමින් මෙවර සම්මේලනය වෙත දේශපාලන වාර්තාවක් ඉදිරිපත් කළේය.

චීනයේ ඉදිරි වර්ධනය පිළිබඳ පරිපූර්ණ සැලැස්මක් එමඟින් එළි දැක් වෙයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ සමස්ත සාමාජික සංඛ්‍යාව මිලියන 89කට අධික ය. එයින් 2000කට වැඩි නියෝජිත පිරිසක් මෙවර සම්මේලනයට එක්ව චීන ජනාධිපතිවරයාගේ දේශපාලන වාර්තාව, චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි මධ්‍යම විනය පරීක්ෂණ සභාවේ කාර්ය වාර්තව මෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂයේ ව්‍යවස්ථාවට සංශෝධනයක් පරීක්ෂා කරනු ඇත.

එමෙන්ම ඡන්ද විමසීමෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ නව මධ්‍යම කාරක සභාව හා නව මධ්‍යම විනය පරීක්ෂණ සභාව තෝරා ගැනීමට නියමිතව ඇත.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති