චීන කොම්යුනිස්ට් පක්ෂ‍යේ 19 වැනි ජාති‍ක නියෝජිත සම්මේලනය සතියක් පුරා පැවැත්වෙන බව ප්‍රකාශය‍ට පත් කෙරේ

2017-10-17 20:49:15
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන කොම්යුනිස්ට් පක්ෂ‍යේ 19 වැනි ජාති‍ක නියෝජිත සම්මේලනය සතියක් පුරා පැවැත්වෙන බව ප්‍රකාශය‍ට පත් කෙරේ

චීන කොම්යුනිස්ට් පක්ෂ‍යේ 19 වැනි ජාති‍ක නියෝජිත සම්මේලනය සතියක් පුරා පැවැත්වෙන බව ප්‍රකාශය‍ට පත් කෙරේ


චීන කොම්යුනිස්ට් පක්ෂ‍යේ 19 වැනි ජාති‍ක නියෝජිත සම්මේලනය සතියක් පුරා පැවැත්වෙන බව ප්‍රකාශය‍ට පත් කෙරේ.

හෙට (18) දා පෙරවරුවේ බෙයිජිංහි චීන මහජන මහ ශාලාවේදී ආරම්භ වන එම සම්මේලනය සතියක් පුරා පැවැත්වෙන බව සම්මේලනයේ  ප්‍රකාශක Tuo Zhen මහතා ප්‍රථම මාධ්‍ය හමුව පවත්වමින් ප්‍රකාශ කළේ ය. මෙවර සම්මේලනයේ න්‍යාය පත්‍රය පිළිබඳ ව ඔහු එහිදී දෙස් විදෙස් මාධ්‍යවේදීන් අමතමින් විස්තර කළේ ය. චීන කොම්යුනිස්ට් පක්ෂ‍ ව්‍යවස්ථාව සදහා වන සංශෝධන කෙටුම්පත සම්මත කිරීම, එම න්‍යාය පත්‍රය අතරින් ප්‍රධාන කාර්යයකි. පක්ෂ‍යේ 18 වැනි ජාති‍ක නියෝජිත සම්මේලනය පවත්වා මේ වන විට ෂී චින් පිං ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ පක්ෂය ලද නව රාජ්‍ය පරිපාලන සංකල්ප හා නව උපාය මාර්ග එම සංශෝධන‍යට ඇතුළත් කෙරේ. චීන කොම්යුනිස්ට් පක්ෂය නව යුගයට මුහුණ දෙමින් සිටින අවධියක පක්ෂ සංවර්ධනය සහ රටේ ප්‍රවර්ධනය වෙනුවෙන් පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම කාලෝචිත පියවරක් බව Tuo Zhen මහතා පැවසීය.

සියලු පක්ෂ සාමාජිකයන් 8 කෝටි 90 ලක්ෂයක් නියෝජනය කරමින් පක්ෂ නියෝජිතයන් 2280 දෙනෙකු මෙවර ජාති‍ක නියෝජිත සම්මේලනයට සහභාගි වන බව සම්මේලනයේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති