චීන කොම්යුනිස්ට් පක්ෂ‍යේ 19 වැනි ජාති‍ක නියෝජිත සම්මේලනයේ පූර්ව සැසිය පැවැත්වෙයි

2017-10-17 20:03:53
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන ජනාධිපති ෂී චින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් චීන මහජන මහ ශාලාවේදී අද (17) සවස එම සැසිය පැවැත්විණ.ඊට නියෝජිතයෝ 2307දෙනෙක් එක් වූහ. මෙවර සම්මේලනය සඳහා 22 දෙනෙකුගෙන් සමන්විත නියෝජිතයන්ගේ සුදුසුකම් පරීක්ෂණ කොමිසම, 243 දෙනෙකුගෙන් සමන්විත පරිපාලන විධායක සභාව සහ ලේකම් කාර්යාලය එහිදී ඡන්ද විමසීමකින් පත් කෙරිණ.

චීන කොම්යුනිස්ට් පක්ෂ‍යේ 19 වැනි ජාති‍ක නියෝජිත සම්මේලනයේ න්‍යාය පත්‍රය ද මෙම පූර්ව සැසියේදී ප්‍රකාශයට පත් කෙරිණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි මධ්‍යම කාරක සභාවේ කාර්ය වාර්තාව පරීක්ෂා කිරීම, චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි මධ්‍යම කාරක සභාවේ විනය පරීක්ෂණ කමිටුවේ කාර්ය වාර්තාව පරීක්ෂා කිරීම, පක්ෂ ව්‍යවස්ථාව පිළිබඳ සංශෝධන කෙටුම්පත සම්මත කිරීම, පක්ෂ‍යේ 19 වැනි මධ්‍යම කාරක සභාව තෝරා ගැනීම සහ පක්ෂ‍යේ 19 වැනි මධ්‍යම කාරක සභාවේ විනය පරීක්ෂණ කමිටුව තෝරා ගැනීම, එම න්‍යාය පත්‍රයට අයත් කාර්යයන්  අතර වෙයි.

 

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති