චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාතික නියෝජිත සම්මේලනය ඓතිහාසික සම්පිණ්ඩනයන් මෙන්ම ඉදිරි සැළසුම් ද සකස් කරන සම්මේලනයක්

2017-10-16 17:51:30
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය එළඹෙන 18 වැනිදා බෙයිජිං නගරයේදී  ආරම්භ වෙයි. වසර 96ක ඉතිහාසයක් හිමි චීන කොමියුනිස්ට් පක්ෂය ඉදිරියට යාමේදී පැවති සෑම ජාතික නියෝජිත සම්මේලනයක් ම දැවැන්ත ඓතිහාසික කාල පරිච්චේදයකට ගැලපී ඇත. චීන විප්ලවය, සංවර්ධනය හා ප්‍රතිසංස්කරණය පිළිබඳ වැදගත් පරිවර්තන ලක්ෂ්‍යයන් ඊට සම්බන්ධව තිබේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාතික නියෝජිත සම්මේලනය ඓතිහාසික සම්පිණ්ඩනයන් මෙන්ම ඉදිරි සැළසුම් ද සකස් කරන සම්මේලනයකි. විශේෂ චීන ලක්ෂණයන්ගෙන් යුතු සමාජවාදී ව්‍යායාමය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් අතිශය වැදගත් කාර්යභාරයක් ඉන් ඉටු වන බව චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ පක්ෂ විද්‍යාලය මහාචාර්, මාක්ස්වාදී න්‍යාය පිළිබඳ ප්‍රථම විශේෂඥ යැන් ෂූ හැන් මහතා සඳහන් කරයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික නියෝජිත සම්මේලනය පැවැත්වීමෙන් පසු, විශේෂ චීන ලක්ෂණයන්ගෙන් යුතු සමාජවාදී ව්‍යායාමය නව සංවර්ධන අධියරකට ප්‍රවේශ වී තිබේ. චීනයේ ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය, සමාජවාදී නූතනකරණ සංවර්ධනය පෙර නොවූ විරූ ප්‍රගතියක් අත්කර ගෙන ඇතැයි ද චීන කොමියුනිස්ට් පක්ෂය හා චීනය පිළිබඳ ඓතිහාසික පරිවර්තනයන් ද සිදුව ඇතැයි ද යැන් ෂූ හැන් මහතා පෙන්වා දෙයි. ගෙවි ගිය වසර පහ තුළ, ෂී ජින් පිං මහතා කේන්ද්‍ර කර ගත් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාර්ක සභාවේ නායකත්වයෙන් චීන කොමියුනිස්ට් පක්ෂය හා චීන ජනතාව රටේ පාලනය පිළිබඳ නව අභිප්‍රාය නව දෘෂ්ටිවාදය මෙන්ම නව උපායමාර්ග බිහි කර ඇති බව ද හෙතෙම අවධාරණය කරයි.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති