අමෙරිකානු ප්‍රහාරක නෞකාවක් චීන මුහුදු සීමාවට ඇතුළුවීම සම්බන්ධයෙන් චීනයේ දැඩි විරෝධය

2017-10-11 19:12:08
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ඇමෙරිකානු ප්‍රහාරක නෞකාවක් අනවසරයෙන් චීන මුහුදු ප්‍රදේශයට ඇතුළු වීම චීනය දැඩි ලෙස හෙළා දකී.

එම ක්‍රියාව චීන නීති සහ අදාළ ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් චීනයේ ස්වාධිපත්‍යයටත් ආරක්ෂක පලප්‍ර‍යෝජනයටත් දැඩි ලෙස හානි එල්ල කර ඇති බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා හුවා චුවෙන් යීන්ග් මහත්මිය අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළාය.

ඇමෙරිකාවේ මිසයිල සහිත ප්‍රහාරක නෞකාවක් පසුගිය දා චීන රජයේ අවසරයෙන් තොරව චීනයේ සී ෂා දූපත් ප්‍රදේශයට ප්‍රවේශ වූ බව වාර්තා විය.

චීන හමුදාව එම අවස්ථාවේදීම ඇමෙරිකානු ප්‍රහාරක නෞකාවට අනතුරු අඟවා එම ප්‍රදේශයෙන් එය ඉවත් කර තිබේ.

සිය ‍දේශ භූමි ස්වාධිපත්‍යය මෙන්ම සාගර අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ප්‍රබල පියවර තවදුරටත් යොදා ගැනීමට චීන රජය සූදානමින් සිටින බව ද ඇය අවධාරණය ක‍ළාය.

මෙවැනි වැරදි මෙහෙයුම් නතර කරන්නැයි චීනය ඇමෙරිකාවෙන් ඉල්ලීමක් කර තිබේ.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති