චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය ලබන 11 වැනිදා වැඩ අරඹයි

2017-09-29 16:34:21
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය ලබන 11 වැනිදා සිට ක්‍රියාත්මක කෙරේ.

එම මධ්‍යස්ථානය බෙයිජිං මාධ්‍ය ‍හෝටලයේ ස්ථාපිත කර ඇත.

හොංකොං හා මැකාවෝ වි‍ශේෂ පරිපාලන කලාප, තායිවාන් පළාතේ සහ විදේශ මාධ්‍යවේදීන් වෙනුවෙන් මාධ්‍ය සහතික පත්‍ර ලියාපදිංචි කරමින් සම්මුඛ සාකච්ජා මෙන්ම මාධ්‍ය හමුවීම් සැළසුම් කිරීමට එම මධ්‍යස්ථානය පියවර ගනු ඇත.

තොරතුරු සේවා හා තාක්ෂණ සුරැකුම් තහවුරු කර ගැනීම උදෙසා චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථාන නිළ වෙබ් අඩවිය සහ Wechat ගිණුම එළි දැක්වීමට නියමිතයි.

විදේශ මාධ්‍යවේදීන් පිළිගැනීමේ සේවා කණ්ඩායම පහත දුරකථන අංකයන්ගෙන් සම්බන්ධ කළ හැකිය.

(0086 010) 68576100、68576200、68576300.

ඊට අදාළ ෆැක්ස් අංකය මෙයයි.

(0086 010) 68576400、68576500、68574200.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති