ස්වභාවික සම්පත් හා සංස්කෘතිය මගින් සංවර්ධනය වන බාචා ගම්මානය

2020-06-26 19:16:18
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

යෝ මිංගෝගේ පවුල, පාරම්පරිකව චීනයේ හේ ලොංජියං පළාතේ බාචා ගම්මානයේ ජීවත් වෙනවා. එම ගම්මානය, ධීවර කර්මාන්තය මත යැපුණු ‘හ ‍ච’ ජාතිකයන් වැඩියෙන් වෙසෙන ස්ථානයක්. 13 වියේ පසු වූ යෝ මිංගෝ, පියා සමග ධීවර කටයුතුවල නිරත වෙමින් තම පවුල් ජීවිතය ගත කිරීමට පටන් ගත්තා.

පසුගිය සියවසේ අසූව දශකයේ සිට යෝ මිංගෝ සිටින ගම්මානයේ ධීවර සම්පත හිඟතාවයකට ලක් වෙන්න වුණා. ඔහුගේ පවුල ඇතුළු හ ච ජාතිකයන් ජීවිත්වීම පිළිබඳ ගැටළුවට මුහුණ පෑවා. ප්‍රාදේශීය රජය එම පිරිස, වගා කටයුතු හා සතුන් ඇති කිරීමේ කර්මාන්තවලට යොමු කරවීමට සහාය දැක්වූවා. එක් එක් පුද්ගලයාට හෙක්ටයාර 4.6ක පමණ ඉඩමක් බැගින්  වෙන් කර දුන්නා. ඒ සමග හ ච ජාතිකයන්ගේ ජීවිත යහපත් වෙන ලකුණු පෙන්නුම් කර තිබෙනවා.

යෝ මිංගෝ සිටින බාචා ගම්මානය, ගංගා ආශ්‍රිත සම්පත්වලින් පොහොසත්. දර්ශනය දැකුම්කලුයි. 2016 වසරේ දී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එම ගම්මානයට විශේෂයෙන්ම පැමිණ, එහි හ ච ජාතිකයින්ගේ සුවදුක් විමසුවා. ගම්මානයේ කොමියුනිස්ට් පක්ෂ ශාඛාවේ ලේකම්වරයා වන යෝ මිංගෝට, එතැන් සිට නව අදහසක් පහල වුණා. එනම් ගම්මානය සතු ස්වභාවික සංචාරක සම්පත් මගින් සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමයි.

මෙහිදී ක්‍රියාමාර්ග දෙකක් අනුගමනය කිරීමට තීරණය කෙරුණා. හ ච ජාතික සිරිත් විරිත් හා විශේෂ සංස්කෘතිය විදහා පෑමෙන් සංචාරකයින් ආකර්ෂණය කර ගන්න පුළුවන්. අතින් එක, සංචාරකයන්ට විනෝදාංශයක් ලෙස ධීවර අත්දැකීම් ලබා ගැනීමට ඉඩ සලසා දෙන්නත් පුළුවන්. එම ක්‍රියාමාර්ග ඉතා සාර්ථකයි. ඒ සමගම ගම්මානයේ ‘පවුල් හෝටල්’ 30ක් පමණ අලුතින් ස්ථාපිත කර තිබෙනවා.

මෑත වසර තුන තුළ, බා චා ගම්මානය සංචාරකයින් හතලිස් දහසක් පමණ පිළිගෙන තිබෙනවා. සංචාරක කර්මාන්තයෙන් ලැබූ ශුද්ධ ආදායම යුවාන් මිලියනයකට ආසන්නයි. දැන් බාචා ගම්මානය, හ ච ජාතික ලක්ෂණ ඇති, කෘෂිකර්ම, ධීවර, සංස්කෘතික, සංචාරක කර්මාන්තවලින් වර්ධනය වී ඇති සමෘද්ධිමත් ගම්මානයක් ලෙස ප්‍රසිද්ධයි.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති