ජාත්‍යන්තර අවධානය

ධවල මන්දිර අධ්‍යක්ෂවරයා වසංගතය පිළිබඳ ව්‍යාජ පුවත් මවමින් තම වරද අන් අය මත පැටවීමේ උත්සාහයක

වෙළඳ හා නිෂ්පාදන ප්‍රතිපත්ති පිළිබඳ ධවල මන්දිර කාර්යාලයේ අධ්‍යක්ෂක Peter Navarro මෑතකදී වසංගතය ප්‍රයෝජනයට ගෙන කුමන්ත්‍රණකාරී ප්‍රකාශ කරමින් චීනයට පහර දුන්නේය. මුලුමනින්ම අසත්‍ය වන මෙම කටකතාවල අරමුණ ඉතාමත් පැහැදිලිය.  ව්‍යාජ තොරතුරු සහිත ගොතන ලද එම ප්‍රකාශ තම වරද අන් අයට පැටවීමක් වැනියි

“ජනතාව වෙනුවෙන් සහ ජනතාව මත යැපීම” චීන වසංගත පාලනයේ රහසයි

 දිනකට නව කොරොනා ආසාදිතයන් 13000 කට වඩා වැඩි සංඛ්‍යාවක සිට රෝහල්ගතව සිටින කොරොනා රෝගීන්ගේ සංඛ්‍යාව බිංදුව දක්වා පාලනය කිරීම වුහාන් ආරක්ෂක යුද්ධයේ සාර්ථකත්වය මැනවින් සංකේතවත් කරයි. එම ප්‍රතිඵලය ලබාගැනීම ඉතාමත් අපහසු දෙයකි

‘බටහිරට සංක්‍රමණයේ ජීවගුණය’ විදහා පාන ලෙස චීන ජනාධිපතිවරයාගෙන්‘ෂී අන් ජියාඕ ටොන්ග්’ විශ්ව විද්‍යාල‍යේ ගුරු සිසුන්ට උපදෙස්

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ෂාන් ෂී පළාතේ ‘ෂී අන් ජියාඕ ටොන්ග්’ විශ්ව විද්‍යාල‍යේ නිරීක්ෂණය කිරීමේදී, ‘බටහිරට සංක්‍රමණයේ ජීවගුණය’ විදහා පාන ලෙස එහි ගුරු සිසුන් දිරිමත් කළේය.‘බටහිරට සංක්‍රමණයේ ජීවගුණය’යන කතාව ආරම්භ වූයේ පසුගිය 50 දශකයේ සිටය

තමන්ගේ වරද අන් රටවලට පවරන ඇමරිකාව චීනයට එරෙහිව පැමිණිලි කිරීමේ අසාර්ථක උත්සාහයක

ඇමරිකාවේ වසංගත තත්ත්වය උග්‍ර වෙමින් පවතිද්දී ඇතැම් ඇමරිකානු දේශපාලනඥයන් කලබලෙන් චීනයට එරෙහිව පැමිණිලි කරමින් වන්දි ඉල්ලීමේ උපාය ක්‍රියාත්මක කර ඇත. Missouri ප්‍රාන්තයේ නීතිපති Eric Schmitt හා Mississippi ප්‍රාන්තයේ නීතිපති Lynn Fitch වන්දි ගෙවන ලෙස චීන රජයට එරෙහි පැමිණිලි ඉදිරිපත් කර තිබේ

චීනය හරිත සංවර්ධන මාර්ගය ඔස්සේ ඉදිරියට

චීන ජනාධිපති  ෂී ජින්පිං මහතා Shaanxi පළාතේ නිරීක්ෂණය කරන විට විශේෂයෙන්ම එහි ජෛව සුරැකුම් තත්ත්වය පිළිබඳව උපදෙස් දුන්නේය. ‘චින්ලිං’ කඳුකරයේ නීති විරෝධීව සුඛෝපභෝගී නිවාස ඉදි කිරීමේ සිද්ධිය පිළිබඳව ඔහු එහි ප්‍රාදේශීය නිලධාරීන්ට අනතුරු අඟවා ඇත

චීන ජනපතිගේ Shaanxi පළාතේ නිරීක්ෂණ චාරිකාවෙන්, රටේ දිළිඳුකම තුරන් කිරීමේ ඉලක්කය නියමිත සැළැස්මට ඉටු කිරීම පිළිබඳ චීනයේ පූර්ණ විශ්වාසය විදහා පා ඇත

නියමිත ක්‍රියාමාර්ගයට අනුව, චීනය මෙම වස‍ර තුළදී දරිද්‍රතාව මුළුමනින් තුරන් කොට සුවපහසු සමාජයක් ගොඩනැගීමට අපේක්ෂා කෙරේ. එහෙත් අනපේක්ෂිතව සිදු වූ නව කොරොනා වසංගතය එම ඉලක්කය ඉටු කිරීමට අමාරුකම් එකතු කර ඇත. එම නිශ්චිත ඉලක්කය සම්පූර්ණ කිරීමට තව දින 200කට වැඩි කාලයක් තිබේ

චීනයේ ඛනිජ රසායනික ව්‍යාපෘතියක් ඇරඹීමට ඇමරිකාව ඇ.ඩො. බිලියන දහයක් ආයෝජනය කරයි

 චීනයේ බෙයිජිං, හුයිචෞ හා ඇමරිකාවේ ඩාලස් යන නගර තුන ඊයේ(22) අන්තර් ජාලය මගින් ඒකාබද්ධව සුවිශේෂ උළෙලක් පැවැත්වීය. ඇ.ඩො. බිලියන දහයක ආයෝජනයක් ඇති ඇමරිකාවේ ExxonMobil සමාගමේ හුයිචෞ ඊතේන් ව්‍යාපෘතියේ ආරම්භය ඉන් සනිටුහන් විය

හිතාමතාම කුපිත කිරීමෙන් චීන-අප්‍රිකානු සබඳතා කිසිසේත් විනාශ කරන්නට බැහැ

මෑතකදී, ඇමරිකානු ඇතැම් පුද්ගලයින් "අප්‍රිකා ජාතිකයන්ට චීනයේ ගුවන්චෞ හි වෙනස්කම් කරනු ලැබේ" යන ඊනියා කටකතා පතුරුවා තිබේ. ගුවන්චෞ හි ඇමරිකානු මහා කොමසාරිස් කාර්යාලය ද කියා සිටියේ ගුවන්චෞහි සිටින අප්‍රිකානු සම්භවය ලත් ඇමරිකානු එතෙර පුරවැසියන් වෙනස්කම් කිරීම් වලට මුහුණ දෙන බවයි.  ඇමරිකානු එම ප්‍රකාශයන්හි පදනම් රහිත බව පැහැදිලිව දක්නට ලැබේ. ඔවුන්ගේ අරමුණ,  චීනය සහ අප්‍රිකාව අතර ගැටුම අවුස්සමින් චීන වසංගත මර්දනය “වාර්ගික වෙනස්කම් කිරීම”ලෙස ලේබල් කර චීනයට එරෙහිව අපකීර්තිමත් ප්‍රහාරයක් දියත් කිරීම ය.

 ඇමරිකාවේ Western Texas බොර තෙල් මිල ඍණ අගයක් වාර්තා කරයි

2020 වසරේ අප්‍රේල් මස 20 වන දින ලෝක බොර තෙල් වෙළෙඳපොලේ ප්‍රධාන ප්‍රමිතිගත මිල දර්ශක තුනෙන් එකක් වන ඇමරිකාවේ Western Texas බොර තෙල් වෙළඳපොලේ මැයි මාසයේ අපේක්ෂිත වටිනාකම, සියයට 300කින් පහල ගොස් ඇත. එම මිල බැරලයකට ඍණ 37.63ක් ලෙස වාර්තා වීම ලෝ වැසියන්ගේ පුදුමයට හේතු වී තිබේ

‘වූහන් වෛරස් පර්යේෂණ ආයතනය’ පිළිබඳව ඇමරිකාව සිදු කළ ප්‍රචාරය හේතු රහිත අසත්‍යක්

නව කොරොනා වෛරසය ආරම්භ වූයේ චීනයේ ‘වූහන් වෛරස් පර්යේෂණ ආයතනයෙන්’ බවත් ඇමරිකාව මේ පිළිබඳව පරීක්ෂණයක් සිදු කළ යුතු බවත් ඇමරිකානු Fox News මාධ්‍ය ආයතනය පසුගිය 19 වනදා වාර්තා කළේය.වූහන් වෛරස් පර්යේෂණ ආයතනය, ඇමරිකාව හා ප්‍රංශය ඇතුළු රටවල විද්‍යා පර්යේෂණ ක්ෂේත්‍රය සමග සමීප සහයෝගතාවක් ඇති ආයතනයකි

HomePrev...78910Total 10 pages