පදනම් විරහිත චීන-විරෝධී ඕස්ට්‍රේලියානු බලවේගයන් හී අසාර්ථක උත්සහයන්

2020-07-04 20:51:47
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ඕස්ට්‍රේලියානු බුද්ධි ඒජන්සියේ නියෝජිතයින් 10කට වැඩි පිරිසක් පසුගියදා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාර්ලිමේන්තු මන්ත්‍රී Shaoquett Moselmane මහතාගේ නිවසට කඩා වැදුනේ ඔහු “චීනය හා පවතින පෞද්ගලික සම්බන්ධතා පිලිබඳ”සාක්ෂි ලබා ගන්නා ලෙස පවසමිනි. ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තාවලට අනුව, එම සිද්ධිය සිදු වීමට හේතු වූයේ Moselmane බොහෝ වරක් චීනයට ගොස් ඇති අතර චීනය කෙරෙහි මිත්‍රශීලී ආකල්පයක් දැක්වීමයි. නව කොරොනා වසංගතයට එරෙහිව චීනය දරා ඇති උත්සාහය සනාථ කරන කරුණු පදනම් කරගෙන ඔහු මේ වසරේ මාර්තු මාසයේදී ලිපියක් ලිවීය.

එම සිද්ධිය චීන-විරෝධී ඕස්ට්‍රේලියානු බලවේගය විසින් සැලසුම් කරන ලද චීනයට එරෙහි නරක ක්‍රියාවකි. ඕස්ට්‍රේලියානු ඇතැම් චීන-විරෝධී දේශපාලනඥයෝ විකාර සහගත ක්‍රියාවන්හි නිරත වෙති. නමුත් මෙතෙක් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැත

චීනයේ සාපේක්ෂ ශක්තිය වැඩි වී ඇති හෙයින්, ඇතැම් ඇමරිකානු දේශපාලනඥයින් කනස්සල්ලට පත්ව සිටින අතර ඇමරිකා-ඕස්ට්‍රේලියා සන්ධානය ශක්තිමත් කරමින් බාහිර තුලන කාර්යභාර ඉටු කිරීමට උත්සාහ කරන බව ඇතැම් විශ්ලේෂකයින් පෙන්වා දී තිබේ. ඇතැම් ඕස්ට්‍රේලියානු දේශපාලනඥයින් ඇමරිකානු ආණ්ඩුවේ අතකොලු බවට පත්ව ඇත.

ඕස්ට්‍රේලියානු ඇතැම් දේශපාලනඥයින් දැන සිටිය යුත්තේ දේශපාලන ආත්මාර්ථකාමිත්වය බැහැර කර  චීනය කෙරෙහි ප්‍රතිපත්ති කාලෝචිත ලෙස නිවැරදි කිරීමෙන් පමණක් ඕස්ට්‍රේලියානු ජනතාවගේ අයිතිවාසිකම්  සැබවින්ම ආරක්ෂා කර ගත හැකි බවයි.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති