චීන-යුරෝපා සබඳතා බිඳ දැමීමට ගත් පොම්‍පියෝ ගේ අසාර්ථක උත්සහය

2020-07-02 17:11:10
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

දික්කසාදයන් අවුලුවාලීමට දක්ෂ ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෑතකදී චීන-යුරෝපා සබඳතාව කෙරෙහි අවධානය යොමු කර සිටී. තමන්ගේ රූකඩයක් ලෙසට සලකමින්,ඔහු බොහෝ වරක් යුරෝපා සංගමය ඇමරිකාව සමග එක්ව චීනයට එරෙහිව ක්‍රියා කිරීමට දිරිගැන්වීය.

ඔහු පැහැදිලිවම ඉලක්ක කර ඇත්තේ නොබෝ කලකට පෙර පැවති චීන-යුරෝපා සංගම් නායක හමුවයි. එම හමුවේදී "පශ්චාත් වසංගත යුගය" තුළ චීන-යුරෝපා සබඳතාවේ සහයෝගීතා දිශාව පොදුවේ ස්ථිර කළ දෙපාර්ශ්වය,එන්නත් පර්යේෂණ හා සංවර්ධනය, කාර්යයන් හා නිෂ්පාදනය නැවත ආරම්භ කිරීම සහ හැකි ඉක්මනින් ද්විපාර්ශ්වික ආයෝජන ගිවිසුමකට එළඹීම යනාදිය පිළිබඳ එකඟතාවන්ට එළඹ තිබේ. පැහැදිලි හා නිශ්චිත සහයෝගීතා සංඥා ඉන් නිකුත් කෙරිණ.

කෙසේ වෙතත්, මයික් පොම්පියෝ වැනි අයගේ ආචාර ධර්ම කෙතරම් ඝෝෂාකාරී හා තර්ජනාත්මක වුව ද, යුරෝපා සංගම් නායකයින් කිසි විටෙකවත් ඔහුගේ අතේ ඇති බෝනික්කෙකු වීමට කැමති නැත. යුරෝපා සංගමය සෑමවිටම චීනය පිළිබඳ උපායමාර්ගික තීරණ ගැනීමේදී සන්සුන්, තාර්කික සහ ස්වාධීන විනිශ්චයක් ප්‍රදර්ශනය කර තිබේ. චීන-යුරෝපා සහයෝගිතා යුගයේ ප්‍රවණතාවට අනුකූල වන බැවින්,මෑත වසරවල මැයික් පොම්පියෝ එම සබඳතාව විනාශ කිරීමට අසමත් වී ඇත.‍‍

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති