චීන කොමිනියුස්ට් පක්ෂයේ සාර්ථකත්වයේ රහස කුමක්ද?

2020-07-01 17:13:34
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ 99වැනි සංවත්සර දිනය අදට යෙදේ. ගත වූ වසර 99 තුළ  පක්ෂය වසර 71 ක් පුරා චීනයේ පාලක පක්ෂයයි. එහි සාමාජිකයින් ගණන  මිලියන 91 ක ඉක්මවයි. ලොව විශාලතම දේශපාලන පක්ෂයේ අසාමාන්‍ය ඉතිහාසය සහ දිගුකාලීන චමත්කාරය එම සංඛ්‍යා 3නින් හෙළි වේ. චීන කොමියුනිස්ට් පක්ෂය සාර්ථකත්වයේ රහස කුමක් දැයි මුළු ලෝකයම  සොයමින් සිටී.

චීනය ගැන අවබෝධ කර ගැනීමට නම්, මුලින්ම චීන කොමියුනිස්ට් පක්ෂය තේරුම් ගත යුතුය. "ජනතාව මුල් තැනට තැබීම", "නිවැරදි සංවර්ධන මාර්ගය", "රතු නෞකා ආත්මය", "ස්වයං නවෝත්පාදනය", සහ "මිනිස් මනස" යනාදිය එවැනි සාර්ථක කේතයන් ය.එමෙන් ම එය චීන කොමියුනිස්ට්  පක්ෂය පිහිටුවූ දා සිට ම හිමි ජානමය ආකාරයේ පිහිටීමකි.මෙම විශිෂ්ඨ පක්ෂයේ නායකත්වය යටතේ, විප්ලවය, සංවර්ධනය සහ ප්‍රතිසංස්කරණය සඳහා ජනතාව මෙහෙයවීමේ මූලික අරමුණ වනුයේ ජනතාවට සුභසෙත අත්පත් කර දීමය.කෙතරම් අභියෝග හා පීඩනවලට මුහුණ දුන්නද, කෙතරම් කැපකිරීම් හා පිරිවැයක් දැරුවද, එම අරමුණ කිසිවිටකවත් වෙනස් වී නොමැත. සියවසකට ආසන්න පැරණි පක්ෂයක් අනාගතය සඳහා දරන ස්ථිර ප්‍රතිඥාවද එම අරමුණු වේ.

 

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති