හොංකොං වෙත බාධා කිරීමට ඇමරිකා රාජ්‍ය ලේකම්වරයා දැරූ උත්සාහයන් නැවතත් පරාජය වෙයි

2020-06-30 19:35:43
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඊයේ (29) රාජ්‍ය දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ චීනය හොංකොං හි ජාතික ආරක්ෂක නීති සම්පාදනය කිරීමත් සමඟ ඇමරිකාවේ නිශ්පාදිත ආරක්ෂක උපකරණ චීනයට අපනයනය කිරීම එදිනම අවසන් කරන බවයි. එමෙන්ම ආරක්ෂක හා යුධ-සිවිල් තාක්ෂණය සඳහා ද්විත්ව භාවිත තාක්ෂණයන් හොංකොං වෙත අපනයනය කිරීම සීමා කරන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

"හොංකොං ජනතාව සමඟ එක්ව" සිටින බව කියා සිටි පොම්පියෝ, හොංකොං හි ජාතික ආරක්ෂක නීතිය ස්ථිර ලෙස හඳුන්වාදීමට සහ හොංකොං වැසියන් එම නීතිය කෙරේ දක්වන කැමැත්ත හමුවේ, ඊනියා සම්බාධක මගින් හොංකොංහි සංවර්ධනයට බාධා කිරීමෙන් චීනයේ සංවර්ධනය සීමා කිරීමට උත්සාහ කරයි. කෙසේ වෙතත්, හොංකොං වෙත බාධා කිරීමට පොම්පියෝ දැරූ උත්සාහයන් නැවත නැවතත් පරාජය වී ඇත.  ඇමරිකාව විසින් ඊනියා සම්බාධක පැනවීම යනු දුර්වල දේශපාලන විහිළුවක් පමණි.

හොංකොං හි අනාගතය සහ ඉරණම මව්බිමට සමීපව බැඳී ඇති අතර බාහිර පීඩනය හේතුවෙන් කිසි විටෙකත් එය වෙනස් නොවේ. වත්මන් හොංකොං හි ප්‍රමාණවත් විදේශ විනිමය සංචිත ඇති අතර, ආර්ථික හා මූල්‍ය තත්ත්වය දීර්ඝ කාලයක් තිස්සේ මනා ප්‍රවණතාවක් පවත්වා ගෙන යයි. හොංකොං හි ජාතික ආරක්ෂක නීතිය ක්‍රියාත්මක කිරීම, “එක් රටක්, ක්‍රම දෙකක්”යන මූලධර්මය සහ හොංකොංහි සමෘද්ධිය හා ස්ථාවරත්වය අඩපණ කිරීමට උත්සාහ දරන චීන විරෝධී හොංකොං අවුල් කරන්නන් බොහෝ සෙයින් වළක්වා දඬුවම් කරනු ඇත.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති