චීන අප්‍රිකා සබදතාවන්ට එ‍රෙහිව අසත්‍ය වපුරන පොම්පියෝ

2020-06-29 19:25:09
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

බොරුවෙන් පිරුණු ඇමරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෑතකදී අප්‍රිකාවට චීනයේ ආධාර “හිස් පොරොන්දුවක්”ලෙස පවසමින් දෝෂාරෝපණය කළ අතර චීනය හා අප්‍රිකාව එකමුතුවෙන් කොරොනා මර්දනය කිරීමේ වි‍ශේෂ නායක සමුළුවේ ජයග්‍රහණ හෙළා දුටුවේය.

ඇමරිකාවේ හා ලොව පුරා නව කොරොනා නියුමෝනියාව ආසාදනය වූ රෝගීන් තවමත් ඉහළ මට්ටමක සිටින තීරණාත්මක අවස්ථාවේදී, වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා තම උත්සාහයන් දැරීම වෙනුවට, පොම්පියෝ අඛණ්ඩව සෙසු රටවල් අතර සබඳතා හුදෙකලා කිරීම හා කටකතා අවුලුවාලීමට උනන්දු වෙයි.

අප්‍රිකාවේ වසංගතය ව්‍යාප්ත වීමෙන් පසු චීනය 50කට වැඩි අප්‍රිකා රටවලට හා අප්‍රිකා සංගමයට වෛද්‍ය ද්‍රව්‍ය සපයා දෙමින් රටවල් 11කට වෛද්‍ය විශේෂඥ කණ්ඩායම් යවා තිබේ. එමෙන්ම අප්‍රිකානු රටවල් සමඟ අදාළ වීඩියෝ සමුළු 30කට වැඩි සංඛ්‍යාවක් පැවැත්වීමෙන් වසංගත විරෝධී අත්දැකීම් හා ක්‍රියාමාර්ග බෙදා දුන්නේය.

චීන-අප්‍රිකානු පොදු සෞඛ්‍ය ප්‍රජාවක් සහ වඩා සමීප පොදු ඉරණම සහිත චීන-අප්‍රිකා ප්‍රජාවක් ගොඩ නැගිය යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පසුගියදා පැවති චීනය හා අප්‍රිකාව එකමුතුවෙන් කොරොනා මර්දනය කිරීමේ වි‍ශේෂ නායක සමුළුවේදී අවධාරණය කළේය.  එහිදී සහයෝගතා ගිවිසුම් රැසක් ඉදිරිපත් කෙරිණ. නව කොරොනා එන්නත් නිපදවා භාවිතයට ගැනීමෙන් පසු එය පළමුව අප්‍රිකානු රටවලට පත්කරනු ඇතැයි චීනය එම රැස්වීමේදී පොරොන්දුවක් දුන්නේය.

කෙසේ වෙතත්, ලැජ්ජාශීලී දේශපාලනඥයෙකු වන පොම්පියෝ සත්‍යයන් නොසලකා චීන-අප්‍රිකානු සබඳතා වෙන් කිරීමට සහ චීන-අප්‍රිකානු මිත්‍රත්වයට හානි කිරීමට උත්සාහ දරමින් ඇමරිකාවේ වසංගත විරෝධය නොසැලකීම, සැබවින්ම ඇමරිකානු ජනතාවට අවාසනාවකි.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති