වසංගත පාලනය කැපී පෙනෙන ප්‍රතිඵල දිනා ගැනීමත් සමග, චීනයේ පරිභෝජන වෙළඳපොළ පුනරුත්ථාපනය වන ලකුණු

2020-06-28 19:44:59
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීනය පුරා වසංගත පාලන ව්‍යාපාරය කැපී පෙනෙන ප්‍රතිඵල දිනා ගැනීමත් සමග පරිභෝජන වෙළඳපොළ ද පුනරුත්ථාපනය වන ලකුණු පෙන්නුම් කර ඇත. චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය ඊයේ(27) නිකුත් කළ සංඛ්‍යාලේඛනවලට අනුව, ගෙවී ගිය මකර බෝට්ටු උත්සව කාලය තුළදී, සංචාරය කළ චීන ජාතිකයන්ගේ වාර ගණන මිලියන 48.8ක් පමණ වන අතර සමස්ත සංචාරක ආදායම යුවාන් බිලියන 12.3ක් පමණ ය. චීන ආර්ථිකයේ පුනර්ජීවන ලකුණු එම සංඛ්‍යාලේඛනවලින් පෙන්විය හැකිය.

චීන ජනතාවගේ භාණ්ඩ මිලට ගැනීම හා ආහාර පාන පරිභෝජන අවශ්‍යතා මෙන්ම සංචාරය හා සංස්කෘතිය සඳහා වන නව පරිභෝජන අවශ්‍යතා ද පුළුල් ලෙස වර්ධනය වී තිබේ. පාරිභෝගික සිල්ලර දර්ශකය ඇතුළු චීන ආර්ථික තත්ත්වය පෙන්වන දර්ශක තුළ, චීන ආර්ථිකයේ නම්‍යශීලිත්වය, ශක්තිය, සැඟවුණු හැකියාව හා ඉදිරි දැක්ම විදහා පාමින් ගෝලීය වෙළඳපොලේ විශ්වාසය ද උත්තේජන කර ඇත.

ජර්මනියේ Volkswagen මෝටර් රථ සමාගම පසුගියදා චීනයේ අන්හුයි පළාතේ යුරෝ බිලියන දෙකක අතිරේක ආයෝජනයක් සිදු කළේය. Nestle සමාගම චීනයේ ටියැන් ජින් නගරයේ සිය නව නිෂ්පාදන ව්‍යාපාරයක් ඉදි කිරීමට යුවාන් මිලියන 730ක් වෙන් කර ඇත. A.T. Kearney උපදේශක සේවා සමාගම, වසර 2020 දී විදේශ ආයෝජකයින්ගේ විශ්වාසය පිළිබඳ දර්ශකය නිකුත් කරමින්, ලෝකයේ විශාලතම ඍජු විදේශ ආයෝජන ගමනාන්ත දහය අතරින් එකම සංවර්ධනය වෙමින් පවතින රට චීනය බවට වාර්තා කර ඇත.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති