හොංකොං අනාගතය තීරණය කරනු ලබන්නේ හොංකොං වැසියන් ඇතුළු කෝටි 140ක චීන ජනතාව විසින් බව, චීනය ඇමරිකාවට කියයි

2020-06-27 19:56:03
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ඇමරිකාවේ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය පසුගියදා ඊනියා ‘හොංකොංහි ස්වයං පාලන නීති කෙටුම්පත’ සම්මත කරමින්, හොංකොංහි ස්වයං පාලනයට හානිකර පුද්ගලයන්ට, මුල්‍ය ආයතන වලට හා වෙනත් ආයතන වලට සම්බාධක පණවන බවට තර්ජන කර ඇත. ඇමරිකාවේ එම ක්‍රියාව චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමක් වන අතර නූතන ජාත්‍යන්තර නීතිය හා ජගත් සබඳතා පිළිබඳ මූලධර්මය උල්ලංඝනය කිරීමකි. චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපය ප්‍රයෝජනයට ගනිමින්,ඇමරිකාවේ ඇතැම් දේශපාලනඥයින්, චීනයට එරෙහිව සිදුකරන කුමන්ත්‍රණ යළිත් අනාවරණය වෙයි.

 ජාතික ආරක්ෂක නීති සම්පාදනය, ඕනෑ රටක පාරිශුද්ධ ස්වාධීන අයිතියක් බව හැමෝම දන්නා දෙයකි. චීනයේ මධ්‍යම රජය, රටේ ජාතික ආරක්ෂාව සඳහා අවසාන හා දැවැන්තම වගකීම දැරිය යුතු ය. කෙසේ වුවද මහ ගොඩබිමේ ක්‍රියාත්මක වන ජාතික ආරක්ෂක නීතිය ඍජුවම හොංකොං විශේෂ පරිපාලන කලාපයට ‍පණවා නොමැත. චීනයේ ජාතික මහජන කොංග්‍රසය හොංකොංට අදාළ ආරක්ෂක නීතිය ‍සම්පාදනය කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, හොංකොං කලාපීය මූලික නීතිය, එම කොංග්‍රසයේ අදාළ තීරණයන් හා හොංකොංහි තත්ත්වය සැලකිල්ලට ලක් කරමිනි. එය එකම රටක් ක්‍රම දෙකක් යන ප්‍රතිපත්තියට උපරිම ලෙස ගරු කිරීමකි.

මේ හේතුවෙන් ඇමරිකාව චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයට අදාළ ව සිදුකරන සම්බාධක, අවලංගු ය. හේතුව, හොංකොං වැසියන්ගේ අනාගතය හා දෛවය පාලනය කරනු ලබන්නේ හොංකොං වැසියන් ඇතුළු කෝටි 140ක චීන ජනතාව විසින් බැවිනි. ඇමරිකානු දේශපාලනඥයන් සෙසු රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවී, ස්වදේශීය කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙස, චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති