වගකීම් පැහැර හැරීමෙහි නියැළී සිටින ඇමරිකානු රජය, තවදුරටත් මාධ්‍යයන්හි විවේචනයට ලක් වෙයි

2020-06-26 18:43:26
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ව්‍යාප්ත වෙමින් පවතින වසංගතය හමුවේ ඇමරිකානු දේශපාලනඥයෝ හැකි සෑම ආකාරයකින් ම සිය වගකීම් පැහැර හැරීමට තැත් කරමින් සිටිති. ඔවුන්ට යළි කවදා නිවැරදි බුද්ධිය පහළ වේද යන ප්‍රශ්නය මතුව තිබේ.

වොෂින්ටන් පෝස්ට් පුවත්පත මෑතකදී ලිපි රැසක් පළ කරමින් සිය වගකීම් පැහැර හැරීමෙහි නියැළී සිටින ඇමරිකානු රජය විවේචනය කර ඇත. ඇතැම් ඇමරිකානු දේශපාලනඥයන් එසේ කටයුතු කිරීම, හඬමින් ඡන්දය ඉල්ලීමට දැරූ උත්සාහයක් බව එම පුවත්පතේ ලිපියක් පෙන්වා දී තිබේ. සිය අනුබල අනුපාතය අඛණ්ඩව පහල යමින් පවතිද්දී, කිසිවක් කර කියා ගත නොහැකි ඔවුන් උපායෙන් සිය වගකීම් අනුන්ටත් සෙසු රටවලටත් පවරා දීමට උත්සාහ කරන බව පැහැදිලිය.

ඇමරිකානු දේශපාලනඥයන් සිය නාට්‍ය පිටපත්වලට අනුව රඟ පාමින් සිටිද්දී ඇමරිකානු ජනතාව ඒ සඳහා ජීවිත කැප කරමින් සිටිති. වසංගතයේ ඊළඟ ප්‍රහාරයට දැන් ඇමරිකාව මුහුණ දෙමින් සිටියි. පෙර සේම සක්‍රීය විධිවිධාන යොදා නොගතහොත්, ඇමරිකාවට, හිතා ගත නොහැකි  වේදනාවක් විඳින්නට ඉඩ තිබෙන බවට, එරට  The Atlantic සඟරාව ලිපියක් පළ කරමින් අනතුරු අඟවා ඇත.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති