රාජ්‍ය මණ්ඩලය සියවස් ගණනාවක් තුළ ගොඩනගා ගත් කීර්තිය, Mike Pompeo විනාශ කර ඇතැයි, නිව්යොර්ක් ටයිම්ස් පුවත්පත කියයි

2020-06-24 19:31:10
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

රාජ්‍ය මණ්ඩලය සියවස් ගණනාවක් තුළ ගොඩනගා ගත් කීර්තිය, Mike Pompeo විනාශ කර ඇතැයි, මෑතකදී නිව්යොර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.

විවිධ රටවල නීති ක්‍රියාත්මක කරන ආයතනවල පවතින පද්ධතිමය වර්ගවාදී ප්‍රශ්න පිළිබඳව පරීක්ෂා කිරීමට, මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් Michelle Bachelet මහත්මියගේ ප්‍රමුඛත්වයෙන් යුත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, පසුගියදා තීරණය කළේය. ඇමරිකාවේ වර්ගවාදී ගැටළුව හා එරට පොලිසියේ ප්‍රචණ්ඩත්වය යන්න විශේෂයෙන් අවධාරණය කර නැතත්,  එම තීරණය, ඇමරිකානු රාජ්‍ය ලේකම්  Mike Pompeoගේ වාග් ප්‍රහාරයට ලක් විය. එම කවුන්සිලය චීනය ඇතුළු රටවල ‘පද්ධතිමය වර්ගවාදී ප්‍රශ්නවලට’ අවධානය යොමු කළ යුතු බව ද ඔහු ප්‍රකාශ කළේය.

එහෙත් වර්ගවාදය, නැතහොත්, ජන වර්ගයන්ට වෙනස් ලෙස සැලකීම ඇමරිකානු සමාජයේ කල්පවතින ‘රෝගයක්’ බව, අමුතුවෙන් කිව යුතු නොවෙයි. Mike Pompeoගේ ප්‍රකාශයෙන් එම සත්‍යය සැඟවිය නොහැකි වේ. වර්ගවාදය නිසා ඇමරිකාවේ අප්‍රිකානු ජාතිකයන් විශාල සංඛ්‍යාවක් නව කොරොනා වසංගතයට ගොදුරු වී මිය ගිය බව, 23 වනදා ඇමරිකානු කොංග්‍රසයේ පැවති මහජන අදහස් විමසීමකදී, ඇමරිකානු අසාත්මිකතා රෝග හා වසංගත රෝග පර්යේෂණ ආයතන ප්‍රධානී Anthony S. Fauci මහතා පිළි ගත්තේය.

එහෙත් සිය රටේ බරපතල වර්ගවාදී ගැටළුවට මුහුණ දීමේදී, Mike Pompeo ඍජු ප්‍රතිචාර දැක්වීමට හැකියාවක් නැත්තෙකු සේ සිටියි. George Floydගේ ඝාතනය පිළිබඳව ඔහු නිශ්ශබ්දව සිටියි. වර්ගවාදී විරෝධී පෙළපාලි පිළිබඳව ඔහු උදාසීන ව සිටියි.

සිය රටේ සමාජ ගැටුම් හා දේශපාලන අර්බුද පිළිබඳව නොසැලකීමේ ආකල්පයට වෙනස් ව,  Mike Pompeo චීනයට අපහාස කිරීම සඳහා උනන්දුවක් දැක්වීම, අභූතය. චීනය අපකීර්තියට ලක් කිරීම, දැනට Mike Pompeo ගේ ප්‍රධානම රාජකාරී බවට පත් වී ඇතැයි මාධ්‍යය වාර්තා කරයි.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති