ජනාධිපති ෂී ජින්පිං මහතා, චීනයේ සංවර්ධන අපේක්ෂාව යුරෝපා නායකයින්ට පැහැදිලි කරයි

2020-06-23 19:45:27
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා යුරෝපා කවුන්සිලයේ සභාපති Charles Michel මහතා හා යුරෝපා කොමිසමේ සභාපතිනි Ursula von der Leyen මහත්මිය සමග වීඩියෝ හමුවක් පැවැත්වීය.

චීනයට අවශ්‍ය වන්නේ සාමය මිස, ආධිපත්‍යය නොවන බවත්, චීනය යන්නෙන් කියැවෙන්නේ අවස්ථාව හා හවුල්කාරීත්වය මිස ප්‍රතිවිරෝධය හා තර්ජනය නොවන බවත්, ෂී ජින්පිං මහතා එම හමුවේදී අවධාරණය කළේය. චීනයේ සංවර්ධන අපේක්ෂාව පැහැදිලිව පහදා දුන් එම ප්‍රකාශයෙන් යුරෝපීය පාර්ශ්වය දැකිය හැකි අනවශ්‍ය අගතිය හා කණස්සල්ල තුරන් විය හැකිය.

බැරෑරුම් ගෝලීය අර්බුදයට මුහුණ දීමේදී, චීනය හා යුරෝපය එකිනෙකාට සහාය දැක්විය හැකි බව, වසංගත තත්ත්වය හමුවේ දෙපාර්ශ්වය පැවැත්වූ ඵලදායි සහයෝගිතාවලින් පිළිබිඹු වී තිබේ. මේ අතර, වසංගත භාණ්ඩ සැපයුම, වසංගත රෝග වැළැක්වීම හා ප්‍රතිකාර කිරීම, එන්නත් පර්යේෂණය යනාදී ක්ෂේත්‍ර සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අඛණ්ඩව සහයෝගිතා ශක්තිමත් කරන බව, මෙවර චීන යුරෝපීය ප්‍රධානීන්ගේ රැස්වීම ප්‍රකාශ කළේය. විද්‍යා තාක්ෂණික පර්යේෂණය පිළිබඳ නව සහයෝගිතා සැලැස්මක් සම්පාදනය කරමින්, එක් එක් විද්‍යා තාක්ෂණික ව්‍යාපෘතිවලට එක් වීම පිළිබඳව ද එහිදී එකඟ විය.

ජගත් සහයෝගිතාව තුළින් පමණක් ගෝලීය අභියෝගවලට මුහුණ දිය හැකි බව, යුරෝපා කවුන්සිලයේ සභාපති Charles Michel මහතා හා යුරෝපා කොමිසමේ සභාපතිනි Ursula von der Leyen මහත්මිය එහිදී කියා සිටියහ. අවංක ආකල්පයක සිට, චීනය සමග උපක්‍රමීය සංවාදය පවත්වමින් පොදු අදහස හා සහයෝගිතාවය පුළුල් කිරීමට යුරෝපය කැමැත්තෙන් සිටින බව ද ඔවුහූ ප්‍රකාශ කළහ.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති