චීනයේ Beidou චන්ද්‍රිකා මඟපෙන්වීම් පද්ධතිය මගින් ලෝක වාසීන්ට වාසි රැසක්

2020-06-23 19:36:17
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීනයේ Beidou අංක තුනේ ගෝලීය චන්ද්‍රිකා මගපෙන්වීම් පද්ධතියේ අවසාන චන්ද්‍රිකාව අද(23) පෙරවරුවේ  සාර්ථකව ගුවන්ගත කෙරිණ. Beidou ගෝලීය චන්‍ද්‍රිකා මඟපෙන්වීම් පද්ධතියට අයත් සමස්ත චන්ද්‍රිකාවල සැකසීම් සම්පූර්ණයෙන් ම අවසන් වී තිබෙන බව මෙයින් සනිටුන් විය.

Beidou පද්ධතියේ සංවර්ධනය වසර 1994 සිට ආරම්භ වී වසර 26ක් තිස්සේ ක්‍රියාත්මක විය. ඇමරිකාවේ ජී.පී.එස්., රුසියාවේ GLONASS, යුරෝපයේ Galileo සමග එක්ව එය ලෝකයේ සිව්වන දැවැන්ත චන්ද්‍රිකා මඟපෙන්වීම් පද්ධතිය බවට පත් වී තිබේ.

වැදගත්ම හා කේන්ද්‍රීය ම තාක්ෂණය, තමන්ගේම හැකියාවෙන් ග්‍රහණය කර ගත යුතු බව, චීනයේ උත්තරීතර නායක ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය. එසේ ම Beidou පද්ධතිය රටේ සුරක්ෂිතාවට හා ආර්ථික සමාජයීය සංවර්ධනයේ අවශ්‍යතාවන්ට අනුකූලව, ස්වයං ලෙස සංවර්ධනය කිරීමෙන්, ස්වාධීන ව ක්‍රියා කෙරෙන චන්ද්‍රිකා මඟපෙන්වීම් පද්ධතියකි.

මේ අතර Beidou පද්ධතිය ජාත්‍යන්තර භාවිතයට එක් කිරීමේ අරමුණෙන්, විවෘත සහයෝගිතා සංකල්පයෙහි නියැලී සිටිමින්, විවිධ ජාත්‍යන්තර ප්‍රමිති අනුගමනය කරමින්, ජාත්‍යන්තර චන්ද්‍රිකා ක්ෂේත්‍රයේ බහුපාර්ශ්වික කටයුතු සිදු කරනු ලැබ ඇත.

Beidou පද්ධතිය, චීනය විසින් ලෝකය වෙත සැපයූ ප්‍රථම හා දැවැන්ත පොදු සේවා යටිතල පහසුකමක් ලෙස හැඳින්වෙයි. එහි ගෝලීය ජාලය ගොඩනැගීමෙන් පසු, එම පද්ධතිය මගින්, විවිධ රටවල සමාජයීය සංවර්ධනය, ආපදා සහන කටයුතු, වසංගත පාලනය හා ආර්ථික ප්‍රතිසංස්කරණ ආදිය සඳහා උපකාරී වනු ඇතැයි, විශ්වාස කෙරේ.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති