චීන-ඇමරිකානු ආර්ථිකයන් විසංයෝජනය කළ නොහැකි බව, ආර්ථිකය හා වෙළඳාම සම්බන්ධ ජ්‍යෙෂ්ඨ ඇමරිකානු නිලධාරීහු පවසති

2020-06-22 18:09:32
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීනය සිය රටෙන් සම්පූර්ණයෙන් ම “විසන්ධි කිරීම”තවමත් එරට ප්‍රතිපත්තිමය තීරණයක් බව, ඇමරිකාව මෑතකදී කියා සිටියේය. එහෙත් ආර්ථිකය හා වෙළඳාම සම්බන්ධ ජ්‍යෙෂ්ඨ ඇමරිකානු නිලධාරීන් පැවසුවේ, චීන-ඇමරිකානු ආර්ථිකයන් විසංයෝජනය කිරීම “කළ නොහැකි”බවයි. චීනයෙන් “විසන්ධි”කිරීමේ අන්තවාදී ප්‍රකාශ නිකුත් කිරීම, ඇමරිකානු මැතිවරණයට අනුග්‍රහය දැක්වීමේ ශක්‍යතාවයක් මිස අන් කිසිවක් නොවන බවට, ආර්ථික හා මාධ්‍ය ක්ෂේත්‍රවල ජාත්‍යන්තර වෘත්තිකයෝ විශ්වාස කරති.

ආර්ථික හා වෙළඳ ගැටළු තිබියදීත්, පසුගිය අප්‍රේල් මාසයේ චීනය සහ ඇමරිකාව අතර ද්විපාර්ශ්වික වෙළඳ ගනුදෙනු වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 39.7 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පසුගිය පෙබරවාරි මාසයට වඩා 43% කින් වැඩි වීමක් බව, The Wall Street Journal පුවත්පත පසුගියදා වාර්තා කළේය. චීනය යළිත් වරක් ඇමරිකාවේ විශාලතම වෙළඳ හවුල්කරුවා බවට පත්ව ඇති බවත්, ඊනියා චීනයෙන් සම්පූර්ණ “විසන්ධි කිරීම”විකාරයක් බවත්, එමගින් යළිත් වරක් සනාථ වේ.

ඒ සමඟම, ඇමරිකා-චීන ජාතික වෙළඳ කොමිෂන් සභාවේ සභාපති Craig Boyd Allen මහතා පෙන්වා දුන්නේ, චීනය මේ වසරේ සහ ඊළඟ වසරේ ගෝලීය ආර්ථික වර්ධනය සඳහා “විශාලතම එන්ජිම”බවට පත්වීමට ඉඩකඩ තිබෙන බවයි. ඇමරිකානු සමාගම් එයින් ප්‍රතිලාභ ලබා ගනු ඇතැයි බලාපොරොත්තු වන බව, ඔහු පැවසීය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති