බටහිර දේශපාලකයන් දෙනෙතට වැලි ගසා වසං කිරීමට උත්සහ දරන ෂින් ජියං සැබෑ යථාර්ථය

2020-06-20 17:07:24
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

 පසුගිය දා  ඇමරිකාව චීනයේ ශින් ජියං ස්වායත්තයේ මානව හිමිකම් තත්ත්වය සහ චීන රජය අනුගමනය කරන ශින් ජියං පාලන ප්‍රතිපත්තිය විකෘති කරමින්“ 2020 වසරේ උයිගුර් මානව හිමිකම් ප්‍රතිපත්ති පනත”සම්මත කර තිබේ. ඇමරිකාව කෙතරම් බොරු ගෙතුව ද ශින් ජියං ස්වායත්තයේදී චීන රජය සාර්ථක ව ක්‍රියාත්මක කළ ත්‍රස්තවාදය හා අන්තවාදය මර්දනය කිරීමේ මෙහෙයුම් හේතුවෙන් එහි කැපී පෙනෙන සමාජීය හා ආර්ථික සංවර්ධනයක් අත්කර ගෙන ඇත.

ඊයේ(19) චීන මාධ්‍ය සමූහයට අයත් CGTN හෙවත් චීන ගෝලීය රූපවාහිනී ජාලය ශින් ජියං ස්වායත්තයේ ත්‍රස්ත මර්දනය  පිළිබඳ ඉංග්‍රීසි වාර්තා චිත්‍රපටයක් විකාශය කළේ ය. ත්‍රස්තවාදින් ශින් ජියං උයිගුර් ස්වායත්තයේදී ක්‍රියාත්මක කළ අපරාධ පිළිබඳව හෙළි කළ එම වාර්තා චිත්‍රපටය,  චීන රජය නීත්‍යනුකූලව ත්‍රස්ත මර්දනය හා අන්තවාදය තුරන් කිරීමේ අවශ්‍යතා හා ඉන් ලද කැපී පෙනෙන ප්‍රතිඵල ඉදිරිපත් කර තිබේ. ‍ගෙවී ගිය වසර 3 තුළ ශින් ජියං හි කිසිදු ත්‍රස්ත ප්‍රහාරයක් සිදු ව නොමැත. චීන රජය ත්‍රස්තවාදය හා අන්තවාදය මර්දනය කරන අතරම ශින් ජියං ජනතාවගේ ජීවිතය නගා සිටුවීමට කටයුතු කරමින් සිටී. මෑත වසරවල ආර්ථික, ආගමික, සංස්කෘතික හා සමාජීය වශයෙන් ශින් ජියං සීග්‍රයෙන් වර්ධනය වී ඇත්තේ එබැවිනි. “එක් තීරයක් එක් මාවතක්”සංවර්ධන ක්‍රියාවලියේ වැදගත් කේන්ද්‍රස්ථානයක් ලෙස ශින් ජියංට සුවිශේෂ භූගෝලීය වාසියක් හිමි වේ. ගෙවී ගිය වසර කිහිපයේ ශින් ජියං සෑම ක්ෂේත්‍රයකදී ම විශාල ප්‍රගතියක් ලබාගෙන ඇති බව නොරහසකි.

2018 වසරේ සිට මේ දක්වා රටවල් 91ක පුද්ගලයන් දහසක් පමණ ශින් ජියං ස්වායත්තයේ සංචාරය කර තිබේ. ශින් ජියං පිළිබඳව තමන් ඇසූ දේ සහ සියැසින් දුටු දේ අතර විශාල වෙනසක් තිබෙන බවත්, සියැසින් දුටු ශින් ජියං ඇමරිකාව ඇතුළු බටහිර රටවල දේශපාලනඥයන් හා මාධ්‍ය කී ශින් ජියං නොවන බවත්, ඔවුන් පවසා ඇත.

 

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති