මානව හිමිකම් මුවාවෙන් ප්‍රචණ්ඩකාරී හා ත්‍රස්තවාදී බලවේගයන්ට සහයෝගය දක්වන ඇමරිකාව නිසැකවම එහි ප්‍රතිවිපාකවලින් පීඩා විඳිනු ඇත

2020-06-19 10:31:07
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ඊනියා "2020 උයිගර් මානව හිමිකම් ප්‍රතිපත්ති පනත" සඳහා ඇමරිකාව අත්සන් තැබූවේ 17වැනි දින ය. එය චීනයේ සින්ජියැන්ග් ස්වායත්තයේ මානව හිමිකම් තත්ත්වයට දැඩි ලෙස අපහාස කිරීමක් වන අතර  සින්ජියැන්ග් ස්වායත්තය පාලනය කිරීමේ චීන රජයේ ප්‍රතිපත්තියට ද්වේෂ සහගත ලෙස පහර දීමකි. අන්තර්ජාතික නීතිය සහ ජාත්‍යන්තර සම්බන්ධතාවල මූලික සම්මුතීන් බරපතල ලෙස උල්ලංඝනය කෙරෙන සහ චීනයේ අභ්‍යන්තර කටයුතුවලට දළ වශයෙන් බාධා කෙරෙන ඇමරිකාවේ එම ක්‍රියාමාර්ගය,  චීනයේ දැඩි කෝපයට හා අධිෂ්ඨානශීලී විරෝධයට ලක් වෙයි .

මෑත වසරවලදී, ඇමරිකාවේ ඇතැම් පිරිස් හිතාමතාම සින්ජියැන්ග් වෙත අවධානය යොමු කරමින්, සින්ජියැන්ග්හි සමෘද්ධිය හා ස්ථාවරත්වයට හානි කර, චීනයේ ජාතික සමගිය අඩපණ කර, චීනයේ සංවර්ධනය හා වර්ධනය මැඩපැවැත්වීමට උත්සාහ කරමින් සිටිති. සමහර ඇමරිකානු දේශපාලනඥයින් විසින් සින්ජියැන්ග් ට එරෙහිව කරන ලද ඊනියා චෝදනා මුළුමනින්ම පදනම් විරහිත විකාරයකි.

සින්ජියැන්ග් සම්බන්ධ ගැටළු, ජාතිකත්වය, ආගම සහ මානව හිමිකම් පිළිබඳ ගැටලු නොවන බවත්,ඒවා ත්‍රස්තවාදයට එරෙහි වීමේ හා වෙන්වීමට විරුද්ධ වීමේ ප්‍රශ්න බවත්, සියල්ලෝ දනිති.

1990 සිට 2016 අවසානය දක්වා සින්ජියැන්ග්හි ත්‍රස්ත ප්‍රහාර දහස් ගණනක් සිදු ව තිබුණි.දරුණු තත්වයන් හමුවේ, සින්ජියැන්ග් ස්වායත්ත රජය  නීතියට අනුකූලව ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට එරෙහි සටන දියත් කළේය. එය චීන නීතිවලට අනුකූලව පමණක් නොව, ජාත්‍යන්තර ත්‍රස්ත විරෝධී සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය අන්තවාදී ක්‍රියාමාර්ග පාලනය කිරීම සඳහා වන ප්‍රායෝගික ක්‍රියාමාර්ගයන්ට ද අනුකූල වන අතර,  ත්‍රස්තවාදී උපායමාර්ග සහ ප්‍රචණ්ඩ අන්තවාදය වැළැක්වීමේ ක්‍රියාකාරී සැලැස්ම සහ ජාත්‍යන්තර ත්‍රස්ත විරෝධී අරමුණු සඳහා වැදගත් දායකත්වයකි.

ත්‍රස්තවාදය මානව වර්ගයාගේ පොදු සතුරෙකි. වර්තමාන ගෝලීය වසංගත විරෝධී දුෂ්කර කාලය හමුවේ ත්‍රස්තවාදයට හා වසංගතයට එරෙහි සටනේදී, චීනය සහ ඇමරිකාව යන දෙරට ම එකට සිටිය යුතුය.

සින්ජියැන්ග් හි කටයුතු හුදෙක් ම චීනයේ අභ්‍යන්තර කටයුත්තකි . චීන ජනතාවගේ ජාතික ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සංවර්ධන අවශ්‍යතා ආරක්ෂා කිරීමේ අධිෂ්ඨානය කිසි දිනෙක වෙනස් නොවේ. සින්ජියැන්ග් කටයුතුවලට මැදහත් වීම වෙනුවෙන් ඇමරිකාව ප්‍රචණ්ඩකාරී හා ත්‍රස්තවාදී බලවේගයන්ට සහයෝගය දැක්වුහොත්, නිසැකව ම එහි ප්‍රතිවිපාකවලින් පීඩා විඳීමට  වේ.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති