චීනය හා අප්‍රිකානු රටවල් අතර එකඟතා 7ක්

2020-06-18 18:33:24
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීනය හා අප්‍රිකාව එකමුතුවෙන් කොරොනා මර්දනය කිරීමේ වි‍ශේෂ නායක සමුළුව ඊයේ (17) වීඩියෝ මාර්ගයෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.චීනය හා අප්‍රිකානු රටවල් අත්වැල් බැඳගෙන කොරොනා වසංගතයට එරෙහිව අඛණ්ඩව සටන් කරමින් චීන-අප්‍රිකානු මිත්‍රත්වය හා සහයෝගිතාව තවදුරටත් ඉදිරියට ගෙන යනු ඇති බවත්, දෙපාර්ශ්වය බහුපාර්ශ්වවාදය අනුගමනය කරමින් චීන-අප්‍රිකානු පොදු සෞඛ්‍ය ප්‍රජාවක් ගොඩ නැගිය යුතු බවත් හෙතෙම එහිදී ප්‍රධාන දේශනයක් පවත්වමින් කියා සිටියේ ය. චීනය හා අප්‍රිකානු රටවල් එක්සත් වී කොරොනා වසංගතය සමග සටන් කරමින් පොදුවේ දුෂ්කර අභියෝගවලට මුහුණ දෙමින් සිටින සංඥාවක් ෂී ජින් පිං මහතාගේ දේශනයෙන් නිකුත් විය. මෙය, කොරොනා වසංගතය පවතින වත්මන් කාලයේ චීන-අප්‍රිකානු සහයෝගිතාව වෙනුවෙන් පැහැදිලි දිශාවක් නියම කර තිබෙන අතර ගෝලීය කොරොනා මර්දන සහයෝගිතාවට ධනාත්මක ශක්තියක් එක් කර ඇතැයි විශ්වාස කෙරේ.

ඇතැම් බටහිර රටවල් කොරොනා වසංගතය දේශපාලනීකරණය කරමින් ගෝලීය වසංගත මර්දනයට බාධා කර ඇත. එම සමුළුවේදී චීන ජනාධිපතිවරයා මේ පිළිබඳව අදහස් දක්වමින් අවධාරණය කළේ කොරොනා වසංගතය දේශපාලනීකරණයට ලක් කිරීමටත් වාර්ගික වෙනස්කම් කිරීමටත් චීනය විරුද්ධ වන බවයි. චීනය අප්‍රිකානු රටවල් සමග එක්ව එක්සත් ජාතීන්ගේ සංවිධානය කේන්ද්‍ර කරගත් ගෝලීය පරිපාලන පද්ධතිය ආරක්ෂා කරමින්, ලෝක සෞඛ්‍ය සංවිධානයට ගෝලීය කොරොනා මර්දනය වෙනුවෙන් වඩාත් කාර්යභාරයන් ඉටු කිරීමට අනුබල දෙන බව හෙතෙම එහිදී පැවසීය. මෙය, කොරොනා වසංගත මර්දනය සඳහා දේශපාලන බාධා ඉවත් කරමින් ජගත් ප්‍රජාවේ එකඟතාවය වඩාත් ශක්තිමත් කිරීමට අතිශය වැදගත් බව පෙන්වා දිය යුතු ය.

ඊයේ පැවති චීනය හා අප්‍රිකාව එකමුතුවෙන් කොරොනා මර්දනය කිරීමේ වි‍ශේෂ නායක සමුළුවේදී දෙපාර්ශ්වය එකඟතාවන් 7කට එළඹ ඇත. චීනය හා අප්‍රිකානු රටවල් එකිනෙකාගේ යහපත සලකා බලමින් එකිනෙකාට සහය දීම එම එකඟතාවන් මගින් පිළිබිඹු වේ. ඉන් චීන-අප්‍රිකානු සම්බන්ධතාව බිඳ දැමීමට ඇතැමුන් දැරූ උත්සාහ නිෂ්ක්‍රිය කර තිබේ.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති