ඇමරිකානු රජය සිය මාධ්‍ය කෙරෙහි දක්වන පළිගැනීම වර්ධනය වෙයි

2020-06-17 14:36:06
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ඇමරිකානු මාධ්‍ය පසුගියදා පළ කළ වාර්තාවකට අනුව, ඇමරිකානු රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ අභ්‍යන්තර ලේඛනයක් මෑතකදී ප්‍රසිද්ධියට පත් කරන ලදි. “Voice of America” චීනය වෙනුවෙන් “ප්‍රචාරය කරන බවට”එම ලේඛනය ධවල මන්දිරයේ ට්වීටර් උපුටා දක්වමින් චෝදනා කළේය. පසුව, "Voice of America" ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා හා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තම තමන්ගේ ඉල්ලා අස්වීම් නිවේදනය කළහ.

මෙම ක්‍රියාව සලකනු ලබන්නේ පසුගිය අපේ‍්‍රල් මාසයේ “Voice of America” චීනය වෙනුවෙන් කතා කිරීම ප‍්‍රසිද්ධියේ හෙළා දැකීමෙන් පසුව ඇමරිකානු රජය සිය මාධ්‍ය කෙරෙහි සිදු කර ඇති තවත් "පළිගැනීමේ" ක්‍රමවේදයක් ලෙස යි.

ඇත්ත වශයෙන්ම, එය“Voice of America”ට සිදු වූ දෙයක් පමණක් නොවේ. වසංගතය අතරතුර, ඇමරිකානු රජය විසින් ජනමාධ්‍යයන්ට පහරදීම සහ මර්දනය කිරීම බොහෝ විට සිදු වේ. වසංගතයට එරෙහි චීනයේ සටන පිළිබඳ වාසි සහගත වාර්තා පවතින තාක් කල්, ඒවා බොහෝ විට ඇමරිකානු නායකයින් විසින් විවේචනය කරනු ලැබේ.

ධවල මන්දිරයට නම්, චීනයට චෝදනා කිරීම පමණක්, "සත්‍යයන් වාර්තා කිරීම" වන අතර එමගින් තමන්ටම පීඩනය අඩු කර ගත හැකි බවට නිසැකය. විද්‍යාත්මක යෝජනා අවහිර කොට සැබෑ තොරතුරු වසන් කරමින් ඇමරිකානු සමහර දේශපාලනඥයන් තමන්ගේ දේශපාලන වාසිය සෙවීම සඳහා ආර්ථික වර්ධන ක්‍රියාවලිය නැවත ආරම්භ කිරීමට උත්සාහ කරති. එහෙත් ඔවුන් වසංගතයට එරෙහි සටන ප්‍රමාද කර ඇත.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති