“එක් රටක් ක්‍රම දෙකක් ප්‍රතිපත්තිමය පද්ධති පූර්ණ කිරීම පිළිබඳ ජගත් සමුළුවක්

2020-06-16 20:11:58
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn


“එක් රටක් ක්‍රම දෙකක් ප්‍රතිපත්තිමය පද්ධති පූර්ණ කිරීම -- හොංකොං මූලික නීතිය පැනවීමේ 30වැනි සංවත්සරය”යන තේමාවෙන් යුත් ජාත්‍යන්තර සමුළුව පසුගිය දා චීනයේ Shen Zhen නගරයේදී පැවැත්විණ. හොංකොං හා මැකව් විශේෂ පරිපාලන ඇතුළු චීනයේ විශේෂඥයෝ, රුසියාව, බ්‍රිතාන්‍යය, ජර්මනිය හා ඉන්දියාව ඇතුළු රටවල බුද්ධිමත්හු ඊට එක් වූහ. ‍

ආපසු චීනයට එක් වීමෙන් පසු හොංකොං පාලනය කරනු ලබන්නේ මූලික නීතිය අනුව ය. චීන මධ්‍යම රජයේ අනුමැතිය යටතේ හොංකොං මූලික නීතියේ 23වැනි වගන්තිය මගින් ආරක්ෂක නීති සම්පාදන බලතල හොංකොං විශේෂ පරිපාලන කලාපයට හිමි වේ.එහෙත් ගත වූ වසර 23 තුළ එම නීති සම්පාදනය යම් යම් හේතු මත සිදු කර නොමැත. පසුගිය වසරේ උදර්පණ නීති සංශෝධනය සම්බන්ධයෙන් දෙස් විදෙස් එදිරිවාදී බලවේගවල බලපෑම් යටතේ හොංකොං හි ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් මතු වී ඇත.එයින් හොංකොංහි සාමය හා ස්ථාවරත්වය මෙන් ම චීනයේ ජාතික ආරක්ෂාවට ද විශාල තර්ජනයක් එල්ල වී තිබේ. චීන රාජ්‍ය මණ්ඩලයේ හොංකොං හා මැකව් කටයුතු පිළිබඳ කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා එම සමුළුවට එක් වෙමින් කියා සිටියේ ‍හොංකොං ආරක්ෂක නීතිය සම්පාදනය කිරීමට චීන මධ්‍යම රජය ගත් තීරණය, හොංකොං මූලික නීතිය පැනවීමේ 30වැනි සංවත්සරය සඳහා වන හොඳම සිහිවටනයක් බවයි. චීනයේ උත්තරීතර බලායතනය හොංකොං ආරක්ෂක නීති සම්පාදනය පිළිබඳ තීරණය සම්මත කර තිබෙන්නේ පසුගිය වසරේ හොංකොංහි සිදු වූ ප්‍රචණ්ඩත්වය සාමාන්‍ය පොලිස් බලයට දරා ගත හැකි සීමාව ඉක්මවා ගිය බැවින් යැයි සමුළුවට එක් වූ බෙයිජිං තාක්ෂණ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ මහාචාර්යවරයෙක්  පෙන්වා දෙයි. ජාතික ආරක්ෂාවට බරපතල හානි සිදු වීමෙන් පසු හොංකොං ආරක්ෂක නීති සම්පාදනය එක් රටක් ක්‍රම දෙකක් ප්‍රතිපත්තිය වඩාත් පූර්ණ කරනු ඇති බවත්, එම නීතිය හොංකොං ට නව ජවයක් ලබා දෙනු ඇති බවත් සමුළුවට සහභාගි වූවන් පවසා ඇත.

 

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති