වසංගතයෙන් මතු වූ විවිධ අභියෝග හා අවදානම්වලට මුහුණ දෙමින් චීන ආර්ථිකය ඉදිරියට

2020-06-15 20:00:30
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

පසුගිය මැයි මාසයේ චීනයේ ප්‍රධාන ආර්ථික දර්ශක අඛණ්ඩ ව වැඩිදියුණු වූ බව චීන රාජ්‍ය සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව අද (15 ) නිකුත් කළ දත්තවලින් හෙළි වේ. එම මාසයේ අතිරේක කාර්මික අගය, සේවා කර්මාන්ත නිෂ්පාදන දර්ශකය, පාරිභෝගික භණ්ඩවල සමස්ත සිල්ලර මිළ ගණන්, පාරිභෝගික මිළ සහ නගර හා උපනගරවල විරැකියා අනුපාතය යනාදි සංඛ්‍යා ලේඛන මගින් චීන ආර්ථිකය අඛණ්ඩ ව පුනරුත්ථාපනය වෙමින් පවතින බව පිළිබිඹු වේ.

‍කොරොනා වසංගතය මධ්‍යයේ චීන රජය කාලෝචිත ලෙස ආර්ථික සංවර්ධන පිළිවෙත් සකස් කරමින්, වසංගතයෙන් මතු වූ විවිධ අභියෝග හා අවදානම්වලට ඔරොත්තු දෙන ආකාරයට රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට කටයුතු කර ඇත. මේ වන විට චීනය සිය ආර්ථික සංවර්ධනයේ පදනම ස්ථාවර කර ඇති අතර වෙළඳ පොලේ අපේක්ෂාව ද සහතික කර තිබේ. කොරොනා වසංගත පාලනය සාර්ථක ව සිදු කිරීමත් සමග චීන දේශීය පරිභෝජනය අඛණ්ඩ ව ස්ථාවර මට්ටමක පවතී. ගෙවී ගිය මාස 3 තුළ චීන වෙළඳපලේ අලෙවිය වර්ධනය වී ඇත. අන්තර්ජාල සිල්ලර වෙළඳාම වඩාත් වේගවත් ලෙස වර්ධනය වෙමින් තිබේ. බිලියන 1.4ක ජනගහණයක් සහිත රටක් වශයෙන් චීනය සතුව ඇති විශාල පාරිභෝගික වෙළඳපල, චීන ආර්ථික වර්ධනය සඳහා වන ප්‍රබලතම එන්ජිම ලෙස සැලකේ. අධි තාක්ෂණයන්ට අදාළ කර්මාන්ත චීන ආර්ථික වර්ධනයේ නව මෙහෙයුම් බලයක් බවට පත් ව ඇත. පසුගිය දා චීනය නව ආකාරයේ යටිතල පහසුකම් සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ. 5G ජාල හා දත්ත මධ්‍යස්ථාන වැනි නව ආකාරයේ යටිතල පහසුකම් සංවර්ධනය වේගවත් කිරීම එමගින් අපේක්ෂා කෙරේ. මෙය, ගෝලීය කර්මාන්ත ජාලය උත්ශ්‍රේණිගත කිරීම සඳහා නව මෙහෙයුම් බලයක් ලබා දෙනු ඇති අතර චීන වෙ‍ළඳ පොලේ ආකර්ෂණය ද වැඩි කරනු ඇත.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති