අන් රටවල මානව හිමිකම් සොයා බලනසේ ඇමරිකාවද විමර්ශනය කළ යුතුයි- ඇමරිකාවේ සිවිල් අයිතිවාසිකම් සන්ධානය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලයි

2020-06-11 20:10:38
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

"අන් රටවලට කළාක් මෙන්, ඇමරිකාව පිළබඳව විමර්ශනය කළ යුතුය" යනුවෙන් මෑතකදී ඇමරිකාවේ සිවිල් අයිතිවාසිකම් සන්ධානය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ලිපියක් යවමින් කියා සිටියේය. මෙම ලිපියෙන් සිවිල් අයිතිවාසිකම් සන්ධානය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටියේ විරෝධතාකරුවන් ප්‍රචණ්ඩ ලෙස මර්දනය කිරීම සහ ඒ හා සම්බන්ධ සිදුවීම් විමර්ශනය කිරීම සඳහා ඇමරිකානු පොලිසියේ හදිසි රැස්වීමක් කැඳවන ලෙසයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමරිකානු සමාජයේ ඉල්ලීම්වලට සහාය දිය යුතු බවත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ඇමරිකානු රජය වගකිව යුතු බවත් එම ලිපියෙන් අවධාරණය කෙරිණ.

සැම විටම තමන් “මානව හිමිකම් ආරක්ෂා කරන්නන්”ලෙස ප්‍රචාරය කර ඇති ඇමරිකානු දේශපාලනඥයන් පැහැදිලිවම මානව හිමිකම් ව්‍යසනයන්හි නිර්මාතෘවරු ය. බ්‍රිතාන්‍ය “The Independent”පුවත්පතේ වෙබ් අඩවිය අදහස් දක්වමින් කියා සිටියේ ඇමරිකාව සැම විටම මානව හිමිකම් පිළිබඳව කතාකරන නමුත් තමන්ගේම මානව හිමිකම් වගකීම් නොසලකා හරිමින් ජනතාවගේ ජීවිත නොසලකා හරින බවයි.

ඇමරිකාවේ මහා පරිමාණ දේශීය පෙලපාලි, වොෂිංටනය විසින් අනුගමනය කරනු ලබන ද්විත්ව ප්‍රමිතීන්හි වඩාත්ම පැහැදිලි ප්‍රකාශනය බව රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය. නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් යන ඊනියා සාරධර්ම ගැන කතා කරන ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින්ට මෙය පෙර නොවූ විරූ අපහසුතාවයක් ඇති කරයි.

අන් අයගේ මානව හිමිකම් පාගා දමා තමන්ගේ පෞද්ගලික ආශාවන් තෘප්තිමත් කිරීම, සමහර ඇමරිකානු දේශපාලනඥයන්ගේ මානව හිමිකම් පිළිබඳ සැබෑ සංකල්පය බව වර්තමානයේ මුළු ලෝකයම දැක ඇත.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති