ඇමරිකාවේ රාජ්‍ය ලේකම්වරයා, George Floydගේ මරණයටත් චීනය සම්බන්ධ කරයි

2020-06-10 20:02:27
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

රැවටීම් සිදු කිරීමට දක්ෂ ඇමරිකානු රාජ්‍ය ලේකම් Mike Pompeo, මෑතකදී ඇමරිකාවේ අප්‍රිකානු ජාතික George Floydගේ මරණයට චීනය සම්බන්ධ කිරීමට තැත් කළේය. එම සිද්ධිය පිළිබඳව චීනය ව්‍යාජ ලෙස ප්‍රචාරය කළ බව ඔහු පැවසීය. බොරු කීම, ආහාර ගැනීම සේ සලකන Mike Pompeoගේ විශිෂ්ට අනුමාන කිරීමේ හැකියාව, දැනට ලොව පළමු තලයේ නවකථාකරුවන්ටත් වඩා ඉහල බව පෙනේ.

George Floydගේ ඝාතනයෙන් ඇමරිකානු සමාජය තුළ සිටින ජනවාර්ගිකයන්ට වෙනස් ලෙස සැලකීමේ ගැටළුව අනාවරණය විය. එක්සත් ජාතීන්ගේ උසස් පෙළේ නිලධාරීන් හා ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරුන් සිව්දෙදෙකු ඇතුළු ජගත් පුද්ගලයින්ගේ ඒකමතික විවේචනයට එය ලක් ව ඇත. ඇමරිකාවේ පමණක් නොව, ලෝකය පුරා රටවල් රැසක ඇමරිකාවේ වර්ගවාදයට විරෝධය දැක්වීමේ පෙලපාලි හා උද්ඝෝෂණ පැවැත්විණ. එම තත්ත්වයට තුඩු දුන්නේ කුමන සාධක ද කියා ඇමරිකාවේ වීදිවල උදෘත පාඨවලින්ම පැහැදිලි වෙයි. මේ පිළිබඳව ප්‍රචාරය සිදු කිරීමට කාගේ නම් දිරිගැන්වීමක් අවශ්‍ය ද? ලෝ වැසියන් පෙලපාලි හා උද්ඝෝෂණ පැවැත්වූයේ චීන මාධ්‍ය ආයතනවල උසිගැන්වීම නිසා ද? Mike Pompeo ගෙතූ බොරු, අභූතය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති