වසංගතයට එරෙහි ගෝලීය සහයෝගීතාවයට චීනයේ දායකත්වය සැමට පැහැදිලිය

2020-06-09 20:19:26
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

“නව කොරොනා වසංගතයට එරෙහි සටන: චීනයේ සංග්‍රාමය”යන ධවල පත්‍රිකාව චීන රජය පසුගියදා නිකුත් කළේය. ධවල පත්‍රිකාව ජාත්‍යන්තර වසංගත විරෝධී සහයෝගීතාවයේ චීනයේ සංකල්ප, ක්‍රියාමාර්ග සහ මුලපිරීම් විස්තර කරයි. චීනය ප්‍රායෝගික ක්‍රියාමාර්ග මගින් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව යන සංකල්පය ක්‍රියාත්මක කරමින් ජගත් ප්‍රජාව සමඟ සහයෝගතා පවත්වා වසංගතය මැඩපැවැත්වීමට උත්සාහ ගැනීම එයින් පිළිබිඹු වේ.

සවිස්තරාත්මක දත්ත සහ පොහොසත් කරුණු මගින් චීන ජනතාව වසංගතයට එරෙහි සටනේ දුෂ්කර ක්‍රියාදාමය මෙම ධවල පත්‍රිකාව මගින් වාර්තා කරයි. එය කාලෝචිත හා ක්‍රියාකාරී තොරතුරු දැනුම්දීම, වසංගත විරෝධී අත්දැකීම් හුවමාරු කර ගැනීම, මානුෂීය ආධාර සැපයීම, වසංගත වැළැක්වීමේ ද්‍රව්‍ය විධිමත් ලෙස අපනයනය කිරීම සහ ජාත්‍යන්තර විද්‍යාත්මක පර්යේෂණ හුවමාරු හා සහයෝගීතාව පැවැත්වීම යනාදී ජාත්‍යන්තර සහයෝගතා ක්‍රියාකාරකම් චීනය ප්‍රථම වරට ආරම්භ කිරීම මෙම ධවල පත්‍රිකාව පෙන්නුම් කරයි.

මෙමගින් වසංගතයට එරෙහි සටනේදී චීනයේ සාර්ථක අත්දැකීම් වලින් ඉගෙන ගැනීමට වසංගතයේ විවිධ අවස්ථා වල සිටින රටවලට ඵලදායී ලෙස උපකාරී වනු ඇතැයි විශ්වාස කරන බව ආසියන් සංගමයේ නියෝජ්‍ය මහලේකම් Kung Phoak මහතා පැවසීය.

චීනයේ සංවර්ධනය පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ අවධානය යොමු කර ඇති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශාස්ත්‍රඥයෙකු වන සබී හලිඩ් මහතා අදහස් දක්වමින් කියා සිටියේ, වසංගතය තුළ චීන රජය විසින් ගනු ලැබූ ප්‍රායෝගික ක්‍රියාමාර්ග මගින් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමේ සංකල්පයට වැදගත් ප්‍රායෝගික අර්ථයක් ඇති බවයි.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති