නිදහස් වෙළදාමේ නව මං විවර කරන හයිනාන් නිදහස් වෙළඳ වරාය

2020-06-09 09:54:25
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

හයිනාන් නිදහස් වෙළඳ වරාය ගෝලීය ආර්ථික වර්ධනය සඳහා නව අවස්ථා ගෙන එනු ඇත.

චීන රජය ජුනි 8 වෙනි දින මාධ්‍ය හමුවක් පවත්වා හයිනාන් නිදහස් වෙළඳ වරායේ පොදු සැලැස්ම සවිස්තරාත්මක ලෙස පැහැදිලි කර ඊට අර්ථ නිරූපණයක් ලබා දුන්නේය.

නව කොරොනා වසංගතය හේතුවෙන් ගෝලීය ආර්ථික පසුබෑම සහ ගෝලීයකරණයට එරෙහි ප්‍රවණතාවය සහ ආරක්ෂණවාදයේ වර්ධනය යනාදී තත්ත්වයන් යටතේ තවමත් ඉහළ මට්ටමකට විවෘත වෙමින් පවතින චීනය බහුපාර්ශ්වවාදයට ප්‍රබල ලෙස සහය දක්වන අතර ආර්ථික ගෝලීයකරණය ප්‍රවර්ධනය කරමින් සිටින බවට ඉන් පැහැදිලි සංඥවක් නිකුත් කර ඇත.

හයිනාන් හී නිදහස් වෙළඳ වරායක් ඉදි කිරීම චීනයේ උත්තරීතර නායක ෂී ජින් පිං මහතා ගේ ප්‍රධාන පියවරක් මෙන්ම ඔහු පෞද්ගලිකව සැලසුම් කර, මෙහෙයවන ප්‍රතිසංස්කරණ හා විවෘත කිරීමේ ප්‍රධාන පියවරක් ද වෙයි. හයිනාන් නිදහස් වෙළඳ වරාය චීනයේ ප්‍රතිසංස්කරණයේ හා විවෘත කිරීමේ නව කඳුකරයක් බවට පත් කර ඉහළ මට්ටමේ විවෘත කිරීමේ රටාවක් සාක්ෂාත් කර ගත යුතු බව මාධ්‍ය හමුව අවධාරණය කළේය.

සැලැස්මට අනුව, වසර 2025 වන විට හයිනාන්හි ව්‍යාපාරික පරිසරය චීනයේ පළමු පන්තියේ මට්ටමට ළඟා වනු ඇති අතර වසර 2035 වන විට හයිනාන් නිදහස් වෙළඳ වරාය චීනයේ විවෘත ආර්ථිකයේ නව කඳුකරයක් බවට පත් වනු ඇත. හයිනාන් නිදහස් වෙළඳ වරායේ ඉදිකිරීම් සැළැස්ම මඟින් චීනය නිරන්තරයෙන් ඉහළ මට්ටමේ විවෘත කිරීමක් ලුහුබැඳීම පිළිබිඹු කරන අතර එයින් පෙන්නුම් කරන්නේ චීනය වෙළඳ භාණ්ඩ ප්‍රවාහනයේ සිට නීති රීති සහ වෙනත් ආයතනික සාධක නිරන්තරයෙන් වෙනස් වන බවයි. හයිනාන් නිදහස් වෙළඳ වරාය ඉදිකිරීම ප්‍රධාන ජාතික උපායමාර්ගයේ උච්චතම ස්ථානයට උසස් කර ඇති අතර, එය විවෘත කිරීම පුළුල් කිරීම සඳහා චීනයේ අධිෂ්ඨානය සහ ක්‍රියාකාරී බලය පෙන්නුම් කරයි.

ජපානයේ ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන ආයතනයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Noriyoshi Ehara පැවසුවේ නැගෙනහිර ආසියාව සහ අග්නිදිග ආසියාව ඒකාබද්ධ කරගත් ආර්ථික කලාපය මධ්‍යයේ හයිනාන් දූපත පිහිටා ඇති බවයි. "හයිනාන් නිදහස් වෙළඳ වරාය ජාත්‍යන්තර ඉහළ මට්ටමේ නිදහස් වෙළඳාමේ හා විවෘත ආර්ථිකයේ වැදගත් පදනමක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කරන අතර එය ලෝක ආර්ථිකයේ සෞඛ්‍ය සම්පන්න සංවර්ධනය පවත්වා ගැනීම සඳහා නිරූපණ කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි Noriyoshi Ehara පැවසීය.

හයිනාන්හි නිදහස් වෙළඳ වරායක් ඉදිකිරීම යනු වෙළඳ හා ආයෝජන ලිහිල්කරණය සහ පහසුකම් සැපයීම චීනය විසින් නිරන්තරයෙන් ප්‍රවර්ධනය කරනු ලබන අතර ගෝලීය විවෘත සහයෝගීතාව ප්‍රවර්ධනය කරන්නක් බවද මෙම ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් ලොවටම කියා පායි.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති