චීනයේ වසංගත මර්දනය විනිවිද සහ විවෘත භාවයෙන් යුක්තයි

2020-06-08 20:02:59
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

“නව කොරොනා වසංගතයට එරෙහි සටන: චීනයේ සංග්‍රාමය”යන ධවල පත්‍රිකාව චීන රජය ඊයේ (7) නිකුත් කළේය. මෙමගින් චීනයේ වසංගත මර්දනය පිළිබඳ කාල පරිච්ඡේද සහ සත්‍යයන් විස්තරාත්මකව ලැයිස්තුගත කරයි. වසංගත වැළැක්වීම සහ පාලනය කිරීමේ විවෘත හා විනිවිද භාවය අතර ගෝලීය මහජන සෞඛ්‍ය ආරක්ෂාව සඳහා චීනය ඉහළ වගකීමක් දරන බව මෙම තොරතුරුවලින් පෙන්නුම් කෙරේ.

වසංගතය අතරතුර, චීනය වසංගත තත්ත්වය, වසංගත වැළැක්වීම සහ පාලනය, වෛද්‍ය ප්‍රතිකාර සහ විද්‍යාත්මක පර්යේෂණ වැනි උණුසුම් ගැටළු වලට ප්‍රතිචාර දැක්වීම සඳහා විවිධ මට්ටම්වල ප්‍රවෘත්ති නිවේදන පද්ධතියක් ස්ථාපිත කොට තිබෙන බව ධවල පත්‍රිකාව පෙන්වා දෙයි. අධි-සංඛ්‍යාත හා අංගසම්පූර්ණ පුවත්පත් නිවේදන මගින් ජාත්‍යන්තර ප්‍රජාවට කාලෝචිත ආකාරයකින් තොරතුරු ලබා ගැනීමට ඉක්මන් වේදිකාවක් සපයන අතර එය චීනයේ වසංගත වැළැක්වීම සහ පාලනය පිළිබඳ තවත් විවෘත හා විනිවිද භාවය පෙනෙන අර්ථකථනයක් බවට පත්වේ.

සාක්ෂි ගොඩගැසී තිබියදී, වසංගතය සඟවා ගැනීම සඳහා චීනයට අපහාස කිරීම ගැන කතා කරන සමහර ඇමරිකානු දේශපාලනඥයින් කට වසා ගත යුතුය!

මානව වර්ගයාගේ පොදු සතුරා වන වෛරසය හමුවේ ජාත්‍යන්තර ප්‍රජාව වඩාත් සමගි විය යුතුය. අගතිය සහ අහංකාරය අතහැර දැමිය යුතුය. ආත්මාර්ථකාමිත්වයට එරෙහි විය යුතු අතර වසංගත අපකීර්තියට හා දේශපාලනීකරණයට විරුද්ධ විය යුතුය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති