සමස්ත චීන ජනතාව කොරොනා වෛරසයට එරෙහි සටනේ විශිෂ්ඨ සොල්දාදුවන් බව ධවල පත්‍රිකාව ‍පවසයි

2020-06-07 18:49:37
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

“කොවිඩ් 19 ට එරෙහි සටන: චීනයේ සංග්‍රාමය”නමැති ධවල පත්‍රිකාව චීන රජය විසින් නිකුත් කරන ලදී. ‘ජනතාව මුල් තැනට තබා ගැනීම’, ‘ඕනෑ අලාභයක් නොසලකමින් ජීවිත ‍‍‍බේරා ගැනීම’ යන්න පිළිබඳ කරුණු ඇතුළත් අකුරු තිස්හත් දහසකින් යුත් එම ලියවිල්ලේ මුල සිට අග දක්වාම අවධාරණය කර ඇත. එය චීනය මාස තුනක කාලයකින් වසංගතය පාලනයට ලක් කිරී‍මේ වැදගත්ම අත්දැකීම් ලෙස ද පෙන්වා දිය යුතුය.

වසර 2019 දෙසැම්බර් මස 27 වනදා නාඳුනන නියුමෝනියා සිද්ධීන් වාර්තා වීමේ සිට මැයි මාසයේ චීනයේ සැසිවාර දෙක පැවැත්වීමේ කාලය දක්වා චීනය නව‍ කොරොනා වෛරසය සමග සටන් කිරීමේ කටුක හා දුෂ්කර ක්‍රියාදාමය එම ධවල පත්‍රිකාවේ පූර්ණ හා සවිස්තරව සටහන් වී තිබේ.

අර්බුදයට මුහුණ දීමේදී චීන ජනතාව කෝටි 140ක් චීන කොමියුනිස්ට් පක්ෂය හා චීන රජය කෙරෙහි උපරිම විශ්වාසය තබා ඇත. ‘තමාව ආරක්ෂා කරමින් සෙසු අයද ආරක්ෂා කළ හැකියි, එය රටට ලබා දෙන දායකත්වය’ යන්න චීන ජනතාවගේ පොදු අදහසක් හා ක්‍රියාමාර්ගය ද විය. සමස්ත චීන ජනතාව කොරොනා වෛරසයට එරෙහි සටනේ විශිෂ්ඨ සොල්දාදුවන් බව ධවල පත්‍රිකාව ‍පවසයි.

වසංගතය අත්දුටු චීන ජනතාව, චීන කොමියුනිස්ට් පක්ෂය කෙරේ ද රටේ දේශපාලන ක්‍රමය කෙරේ ද පෙරට වඩාත් විශ්වාසයකින් සිටිති. මේ අතර සමගියෙන් රටේ සංවර්ධන ඉලක්කයන් සාක්ෂාත් කර ගනිමින් ගෝලීය සංවර්ධනයට ද නව කැපවිම් සිදු කිරීමට හැකි වනු ඇතැයි ද චීන ජනතාව තරයේම විශ්වාස කරති.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති