ඇතැම් බටහිර නායකයෝ, ඇමරිකානු දේශපාලනඥයින්ගේ ගෝලයන් බවට පත් වෙති

2020-06-06 15:14:09
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ඇමරිකාවේ ජනවාර්ගිකත්වය අනුව වෙනස් ලෙස සැලකීමේ ප්‍රශ්නය ජගත් ප්‍රජාවේ පුළුල් විවේචනයට ලක් වෙද්දී, ‘ප්‍රජාතන්ත්‍රවාදය’, ‘මානව හිමිකම්’ යන්න පිළිබඳව නිතර නිතර සඳහන් කිරීමට කැමති ඇතැම් බටහිර රටවල නායකයෝ, මුනිවත රකිමින් සිටිති.

විරෝධතාකරුවන්ට එරෙහිව, සිය රටේ හමුදා බලය යොදා ගන්නා බවට ඇමරිකානු නායකයා සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට පිළිතුරු දීමට පෙර, කැනඩා අගමැති Justin Trudeau තත්පර 22ක් නිශ්ශබ්දව සිටියේය. ඉන් පසු ඔහු ඊට අදාළ නොවන පිළිතුරක් සැපයුවේය. ඇමරිකාවේ අප්‍රිකානු ජාතික George Floyd ගේ ඝාතනය සිදු වී සතියකට පසු බ්‍රිතාන්‍ය අගමැති Boris Johnson, එය විචාරය කළේ වක්‍ර ආකාරයටයි. ‘වර්ගවාදය හා වර්ගවාදී ප්‍රචණ්ඩත්වයට බ්‍රිතාන්‍යය ඉ‍ඩ දෙන්නේ නෑ’ යනුවෙන් පමණක් ඔහු කීවේය.

ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison, ඇමරිකාවේ වර්ගවාදී ගැටළුව සම්බන්ධයෙන් අප්‍රකට ආකල්පයක් දරා සිටියි. ඇමරිකානු රජයේ අයුතු අදක්ෂ හැසිරීම පිළිබඳව ප්‍රතිචාර දැක්විය යුතු බවට, එරටේ the Australian Greens පක්ෂයේ නායක Adam Bandt මහතාට අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට සිදු විය.

ඇමරිකානු නායකයින්ගේ දරුණු ක්‍රියා පිළිබඳව ඇතැම් බටහිර නායකයෝ බිහිරුන් හා ගොළුවන් සේ සිටීම, සෙසු රටවල් සම්බන්ධයෙන් විවේචනාත්මකව මත පළ කිරීම පිළිබඳ ඔවුන්ගේ පුරුද්දට හාත්පසින්ම වෙනස් ය. දේශපාලනය පිළිබඳව වාචාල ලෙස කතා කරන ඔවුන්, සැබැවින්ම ඇමරිකානු දේශපාලනඥයන්ගේ ගෝලයන් පමණක් බව පෙනේ.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති