ඇමරිකාවට චීනයේ දැවැන්ත වෙළඳපොල ධාරිතාව නොසලකා හැරිය නොහැකි යැයි, Wall Street Journal පුවත්පත කියයි

2020-06-05 15:58:19
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීනයෙන් බැහැරව ආපසු ඇමරිකාවට පැමිණෙන ලෙස, පසුගිය දා ඇමරිකානු ධවල මන්දිරයේ ආර්ථික උපදේශක Larry Kudlow මහතා චීනයේ රැඳී සිටින ඇමරිකානු ව්‍යවසායන්ට යළි ඇරයුම් කර තිබේ. ඒ සඳහා ඇමරිකානු ‍ඩොලර් බිලියන 25ක අරමුදලක් ස්ථාපිත කිරීමට ද ඇතැම් ඇමරිකානු දේශපාලනඥයින් යෝජනා කර ඇත. Larry Kudlow ලාගේ ඇරයුම චීනයේ රැඳී සිටින ඇමරිකානු ව්‍යවසායන් පිළි ගනීවි ද..?

චීනයෙන් බැහැර වීම පිළිබඳ සලකා බැලීමේදී, ඕනෑ ම විදේශ ව්‍යවසායක් ප්‍රථමයෙන් කල්පනා කළ යුත්තේ, පිරිවැය පිළිබඳව ය. ඇමරිකාව චීනය මත යැපෙන්නේ මුඛ ආවරණ මිළදී ගැනීමෙන් හෝ iPhone සැපයුමෙන් හෝ පමණක් නොවන බව, Wall Street Journal පුවත්පත පළ කළ ලිපියක සඳහන් වේ. ඇමරිකාවේ අධි තාක්ෂණික කර්මාන්තයේ ප්‍රධාන ගනුදෙනුකරුවන් වන්නේ චීන සමාගම් ය. ඇමරිකා‍වේ සිටින චීන සිසුන් ගෙවන අධ්‍යාපන ගාස්තු ඇමරිකානු විශ්ව විද්‍යාලවල වැදගත් ආදායම් මාර්ගයකි. Larry Kudlow ලාගේ න්‍යාය අනුව, ඇමරිකාව චීනයෙන් බැහැර වුවහොත්, මූලික විශ්ව විද්‍යාල පර්යේෂණ සඳහා ඇමරිකානු රජයට වැඩියෙන් ෆෙඩරල් අරමුදල් වෙන් කිරීමට සිදු වනු ඇති බවත්, අධික ආරක්ෂාව හා විවිධාංගීකරණය වූ සැපයුම් ජාල වෙනුවෙන් ඇමරිකානු පාරිභෝගිකයන්ට වැඩියෙන් පිරිවැය දැරීමට සිදු වනු ඇති බවත්, Wall Street Journal පුවත්පත පෙන්වා දී තිබේ. එපමණක් නොව, චීනයෙන් බැහැර වුවහොත්, අසීමිත සැඟවුණු ශක්තියක් සහිත විශාල චීන‍ වෙළඳපොල අහිමි වන ඉඩ තිබෙන බව ඇමරිකානු ව්‍යවසායන්ට මැනවින් වැටහේ.

කොරොනා වසංගතය හමුවේ වුව ද ගෝලීය කර්මාන්ත ජාලයේ හා සැපයුම් ජාලයේ චීනයට හිමි සුවිශේෂී ස්ථානය වෙනස් වී නැත. චීනයේ දැවැන්ත වෙළඳපොල ධාරිතාව නොසලකා හැරිය නොහැකි යැයි, Wall Street Journal පුවත්පතේ එම ලිපිය පවසයි. මෙය, සැබෑ තත්ත්වයක් වන අතර ලොව පොදු පිළිගැනීමකි.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති