Mike Pompeoගේ රඟපෑම, “අත්ලාන්තික් සාගරයේ විහිළුවක්” බවට පත් වෙයි

2020-06-02 20:43:53
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

තම රට අවුල් සහගත තත්ත්වයක පසු වුවද, ඇමරිකානු ඉතිහාසයේ අදක්ෂතම රාජ්‍ය ලේකම් ලෙස ප්‍රසිද්ධ Mike Pompeo, තවමත් හැකි සෑම විධියකින්ම රැවටීම් හා බොරු කීමෙහි නියැළී සිටියි. චීනය, ඇමරිකාව හා එම සන්ධානයේ රටවල යහපතට හානි කරමින් සිටින බවත්, චීනය බටහිර ලෝකයට තර්ජනයක් වෙමින් පවතින බවත්, මෑතකදී ඔහු ෆොක්ස් පුවත් සේවය අමතමින් පැවසීය. යුරෝපය සමග එක්ව, චීනයට එරෙහිව ක්‍රියා කළ යුතු බව ද, ඔහු ප්‍රකාශ කළේය.

එහෙත් Mike Pompeoගේ රඟපෑම, “අත්ලාන්තික් සාගරයේ විහිළුවක්” බවට පත් වී තිබේ. යුරෝපය සමග එකට සිටින බව පැවසූ ඇමරිකානු දේශපාලනඥයන්, වසංගතය හමුවේ යුරෝපීය රටවල වසංගත පාලන භාණ්ඩ ප්‍රවාහනයට බාධා කළේය. ඇමරිකාවේ වාර්තා වූ බොහෝ කොරොනා රෝගීන් පැමිණ ඇත්තේ යුරෝපීය රටවලින් බව ඔවුහු පැවසූහ. නව කොරොනා වසංගතය මර්දනයට යුරෝපය මෙහෙයවූ පරිත්‍යාග කිරීමේ ජගත් සම්මේලනය ඇමරිකාව ප්‍රතික්ෂේප කළේය. ඒවා, යුරෝපීය සන්ධානයේ රටවලට අමතක කළ නොහැකි ය. ඇමරිකාව ලෝක සෞඛ්‍යසංවිධානයෙන් ඉවත් වීම ද යුරෝපය අනුගමනය කරන බහුපාර්ශ්වවාදය හා සමගි සහයෝගිතාව පිළිබඳ මූලධර්මයට විරුද්ධ වන බැවින් එය යුරෝපීය රටවල සාමූහික විරෝධතාවට ලක් විය.

කාලය අනුව, මිතුදම සත්‍යාපනය කළ හැකිය. යුරෝපීය ජනතාවට Mike Pompeo වැනි අයගේ සැබෑ ස්වභාවය පැහැදිලි බව, විශ්වාස කෙරේ...

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති