ඡන්ද දිනා ගැනීම හා දේශපාලන වාසි නතු කර ගැනීම සඳහා,ඇමරිකානු දේශපාලනඥයන් සිදු කළ රඟපෑම

2020-06-01 20:29:56
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ඇමරිකාවේ අප්‍රිකානු ජාතිකයෙකු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් ඝාතනය කරනු ලැබීමේ සිද්ධියෙන් ඇමරිකාව පුරා නගර 70ක විශාල පරිමාණ විරෝධතා හා පෙළපාලි ව්‍යාප්ත විය. ඒ තුළ ප්‍රචණ්ඩ හා ප්‍රහාරක සිද්ධීන් ද වාර්තා විය. ඊට සමාන තත්ත්වයක් පසුගිය වසරේ චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ද සිදු විය. එහෙත් හොංකොංහි සිදු වූ ප්‍රචණ්ඩත්වය ‘ප්‍රජාතන්ත්‍රවාදය’ සඳහා වන සටනක් ලෙස නම් කොට වර්ණනා කරමින්, ඉවසිල්ලෙන් වෘත්තීය ජීවගුණයෙන් නීති ක්‍රියාත්මක කළ හොංකොං පොලිසියට අපහාස කිරීමෙහි නියැළී සිටි ඇමරිකානු දේශපාලනඥයෝ, මෙවර තම රටේ පුරවැසියන් විසින් වෙනස් ලෙස සැලකීමට විරුද්ධව මෙහෙයවූ පෙළපාලි, කැරළි තත්ත්වයක් ලෙසත් එම පුරවැසියන්, ‘මැරවරයන්’ ලෙසත් , පොලිසිය මෝටර් රථ මගින් ජනතාව හා ගැටීමේ සිද්ධිය, ආදර්ශයක් ලෙසත් නම් කිරීම නාඩගමක් ය.

කෙසේ වුවද ඇමරිකානු දේශපාලනඥයන් ඡන්ද දිනා ගැනීම හා දේශපාලන වාසි නතු කර ගැනීම සඳහා, සාධාරණය හා යුක්තිය පසෙක තබා ගෙන සිදු කළ මෙම රඟපෑම ලෝ වැසියන්ට හොඳින් වැටහේ. ද්විත්ව ප්‍රමිතියට අනුව ක්‍රියා කළ ඔවුන් සලකන්නේ සිය දේශපාලන වාසී මිස, ජනතාවගේ ජීවිත නොවෙයි.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති