ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීම පුළුල් විවේචනයට

2020-05-31 19:51:59
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn


තමන් ඉල්ලූ ප්‍රතිසංස්කරණය ප්‍රතික්ෂේප වීම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සමග ඇති සම්බන්ධතාව අත්හිටුවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ‍ට්‍රම්ප් මහතා පසුගිය දා ප්‍රකාශ කර ඇත. ඒ සමග ම ලෝක සෞඛ්‍ය සංවිධානයට ගෙවිය යුතුව තිබූ ගාස්තු වෙන තැනකට යොමු කරනු ඇතැයි ද ‍ට්‍රම්ප් මහතා කියා සිටියේ ය. ඇමරිකානු රජයේ මෙම ක්‍රියාමාර්ගය ජගත් ප්‍රජාවේ පුළුල් විවේචනයට ලක් වී තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් උප සංවිධානයක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇමරිකාව සමග කිසිදු පරිපාලන සබඳතාවක් නැත. ඇමරිකාව ඉල්ලා ඇති ආකාරයට ඊනියා ප්‍රතිසංස්කරණය සිදු කිරීමේ අවශ්‍යතාවක් ලෝක සෞඛ්‍ය සංවිධානයට නැත්තේ එහෙයිනි. ලොව මහජන සෞඛ්‍ය ආරක්ෂක ක්ෂේත්‍රයේ ඉහළ ම අධිකාරිය හා වෘත්තීය ප්‍රවීණතාව හිමි ජගත් සංවිධානයක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය කොරොනා වසංගත පාලනයේදී විශාල කාර්යභාරයක් ඉටු කර තිබේ. එය ජගත් ප්‍රජාවේ පොදු ඇගයීමට හා පිළිගැනීමට ලක් වී ඇත. එබැවින් ඇමරිකාව ඒකපාර්ශ්වික ව එම සංවිධානයෙන් ඉවත් වීම, සෙසු රටවල විවේචනයට ලක් වීම පුදුමයක් නොවේ. යුරෝපා කොමිසමේ සභාපතිනිය, යුරෝපා සංගමයේ ඉහළ පෙළේ විදේශ කටයුතු සහ ආරක්ෂක නියෝජිතයා, ජර්මන් හා ඉතාලි සෞඛ්‍ය ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයන් සහ බ්‍රිතාන්‍යයේ The Guardian පුවත්පත වැනි විවිධ රටවල මාධ්‍ය, ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීම විවේචනය කර ඇත. දේශීය වශයෙන් ද ට්‍රම්ප් රජය දෝෂාභියෝගයට මුහුණ දී සිටී. කොරොනා වසංගත තත්ත්වය දේශීය වශයෙන් උග්‍ර වෙමින් පවතින මොහොතේ ලෝක සෞඛ්‍ය සංවිධානය සමග ඇති සබඳතාව අත්හිටුවීමෙන් ඇමරිකාවේ වසංගත පාලනය තවත් අනතුරුදායක තත්ත්වයකට පත් වනු ඇති බවට අනතුරු ඇඟවී තිබේ.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති