ඇමරිකානු ඉතිහාසයේ නරක ම රාජ්‍ය ලේකම්වරයා Pompeo

2020-05-29 19:50:03
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

“ඔහු ඇමරිකානු ඉතිහාසයේ නරක ම රාජ්‍ය ලේකම්වරයායි.ඔහු කිසිදු රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණයක් වත් ලබා නැහැ. ”යනුවෙන් පසුගිය දා New York Times පුවත්පත ලිපියක් පළ කරමින් ඇමරිකාවේ රාජ්‍ය ලේකම් Mike Pompeo ට චෝදනා කර තිබේ. මීට පෙර Washington Post පුවත්පත ලිපියක් පළ කරමින් ඊට සමාන අදහස් දක්වා තිබිණ.

රාජ්‍යතන්ත්‍රික කටයුතු පිළිබඳ කිසිදු ජයග්‍රහණයක් නොලැබූව ද Mike Pompeo බොරු ගෙතීම, අයුතු ලෙස බලය භාවිත කිරීම සහ තම වරද අනුන්ගේ පිට දැමීම වැනි කූට දස්කම් දක්වා තිබේ. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු උසස් නිලධාරීන් ඉවත් කිරීම සඳහා ජනාධිපතිවරයා කුපිත කිරීම, චීනයේ වූ හාන් නගරය කොරොනා වෛරස් මූලාශ්‍රය බවට වන මිථ්‍යා කුමන්ත්‍රණය ප්‍රබන්ධ කිරීම, රාජ්‍ය සේවකයින් හා මුදල් අවභාවිත කර පෞද්ගලික සංග්‍රහ පැවැත්වීම වැනි ඔහුගේ ක්‍රියාදාමයන් New York Times පුවත්පතේ එම ලිපියෙන් හෙළි විය. කොරොනා වසංගතය පැතිර යන මේ කාලයේ රාජ්‍ය ලේකම්වරයා වශයෙන් Mike Pompeo කටයුතු කරන ආකාරයට Washington Post පුවත්පත දැඩි ලෙස විවේචනය කර ඇත.

ඇමරිකාව චීනයට එරෙහිව යම් යම් එදිරිවාදී දෑ කළ ද මේ වන විට චීනය ඇමරිකාවට හදිසි වෛද්‍ය ද්‍රව්‍ය විශාල සංඛ්‍යාවක් පරිත්‍යාග කර තිබේ. උදාහරණයක් වශයෙන් මෙතෙක් චීනයේ සහය ඇතිව ඇමරිකාවට ලැබී ඇති මුඛ ආවරණ බිලියන 12කට අධික ය. එනම් චීනය සෑම ඇමරිකානු ජාතිකයෙකුට මුඛ ආවරණ 40ක් පමණ ලබා දී ඇත. එහෙත් කිසිදු කෙළෙහි ගුණයක් නොමැති ව Mike Pompeo ප්‍රමුඛ ඇමරිකානු දේශපාලනඥයෝ පෙර සේ ම උමතුවෙන් චීනයට එරෙහිව විවිධ කටයුතුවල නිරත ව සිටිති. එපමණක් නොව ලෝක සෞඛ්‍ය සංවිධානයට මූල්‍යාධාර ලබාදීම අත්හිටුවීම, කියුබාව හා ඉරානයට මානුෂීය ආපදා ගෙන දීම හා ලොව පුරා වෛද්‍ය ද්‍රව්‍ය කොල්ල කෑම යනාදි ක්‍රියාවන්හි නිරත වෙමින් Mike Pompeo ඇමරිකාව තව තවත් අනතුරුදායක තත්ත්වයකට රැගෙන යමින් සිටී.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති