චීන ආර්ථිකයේ ස්ථාවරත්වය තුළින්, ගෝලීය ආර්ථිකයේ වර්ධනය

2020-05-29 11:31:05
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන ආර්ථිකය ස්ථාවර වර්ධනයක පැවතීම ගෝලීය ආර්ථිකයේ වර්ධනයට උපකාරී වේ.

චීන මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිය ඊයේ(28) අවසන් විය. ඉන් පසු පැවති දෙස් විදෙස් මාධ්‍ය හමුවකදී චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යාං මහතා චීන ආර්ථික සංවර්ධනය, විවෘතභාවය හා සහයෝගිතාව යන මාතෘකා වෙත අවධානය යොමු කරමින් විස්තර ලබා දුන්නේය. මේ වසරේ ඉලක්ක සම්පූර්ණ කිරීමට චීනයට ස්ථීර විශ්වාසයක් ඇති බව ඉන් දක්නට ලැබිණ. ජන ජීවිතය හා සමාජ සංවර්ධනය කෙරෙහි චීන පාලක පක්ෂය හා චීන රජය ජනතාවගේ ජීවනෝපාය කෙරෙහි අවධානයට යොමු කිරීම, වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ ගෝලීය ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට දායකත්වය හා වගකීම් දැරීම, එමගින් පැහැදිලි ය.

ජනතාව‍ගේ රැකියා, මූලික ජන ජීවිතය හා වෙළඳපොල ඒකක වල ස්ථාවරත්වය සහතික කිරීම සඳහා චීන රජය අනුගමනය කරන විවිධ පියවර, එම මාධ්‍ය හමුවේදී ලී ක ච්‍යාං මහතා හඳුන්වා දුන්නේය. චීන ආර්ථිකය ස්ථාවර තත්ත්වයක පැවතීමේ පදනම ශක්තිමත් කිරීම, සැබෑ දිළිඳුකම පිටුදැකීමට චීනය දක්වන ස්ථීර අධිෂ්ඨානය හා ප්‍රබල උත්සාහය ඉන් පෙන්නුම් කෙරේ. ගෝලීය ආර්ථිකයෙන් සියයට 30කට දායක වන රටක් ලෙස චීනය, වසංගතයට මුහුණ දීමේදී ආර්ථිකය ස්ථාවරව පවත්වා ගෙන යාම, ලෝකයට දක්වන දායකත්වයක් ලෙස සැලකිය හැකි ය.

කොරොනා වසංගතයට එරෙහිව සටන් කිරීම හා ආර්ථික සංවර්ධනය යන අභියෝග දෙකකට ජගත් ප්‍රජාව මුහුණ දෙමින් සිටී. මානවයන් මෙම අර්බුදය පසු කිරීමට නම්, එකම නෞකාවක යාත්‍රා කරමින්, ජගත් ප්‍රජාව අසීරුතා අභිබවා යා යුතු බව, ලී ක ච්‍යාං මහතා පැවසීය. චීන ඇමරිකානු සබඳතාව, ප්‍රාදේශීය පූර්ණ ආර්ථික හවුල්කාරී සබඳතා ගිවිසුම අත්සන් කිරීම, චීන-ජපාන-දකුණු කොරියා නිදහස් වෙළඳ කලාපය ගොඩනැගීම, සම්පූර්ණ මෙන්ම ප්‍රගතිශ්‍රීලී අන්තර් පැසිෆික් හවුල්කාරීත්වයට සහභාගි වීම යන කරුණු පිළිබඳව, සහයෝගිතා පැවැත්වීමට චීනය කැමැත්තෙන් සිටී.

මේ වසරේ පැවති විශේෂ සැසිවාර දෙකේදී, චීන රජය ඉදිරිපත් කළ පියවර රැසක් මගින්, ජනතාවට ප්‍රමුඛත්වය දීමේ සංකල්පයට අනුව, චීන ජනතාවගේ අසීරුතා හා අභියෝග පරාජය කිරීමේ විශ්වාසය හා ගෝලීය ආර්ථික සංවර්ධනය යථා තත්ත්වයට පත් කිරීමේ විශ්වාසය, ඉහළ නංවා ගෙන තිබේ.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති