හොංකොං උපයෝගී කරගෙන චීන අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමේ මාර්ගයන් අහිමි වීමට යන බටහිර‍ දේශපාලඥයන්‍ ගේ කලබලය

2020-05-26 20:07:13
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn


චීනයේ උත්තරීතර බලායතනය වන චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිය මේ දිනවල බෙයිජිංහිදී පැවැත්වේ. හොංකොං විශේෂ පරිපාලන කලාපයේ නීත්‍යනුකූල පරිපාලනයට ප්‍රමුඛත්වය දෙමින් හොංකොං ආරක්ෂණ නීති කෙටුම්පත සම්පාදනය කිරීම එහිදී වැදගත් කරුණක් වශයෙන් පුළුල්‍ අන්දමින් සාකච්ඡා කෙරේ. මේ මොහොතේ ඇමරිකානු රාජ්‍ය ලේකම් Mike Pompeo ප්‍රමුඛ බටහිර දේශපාලනඥයෝ සුපුරුදු පරිදි යළි චීනයට තර්ජනය කරමින් සිටිති. හොංකොං ආරක්ෂණ ‍නීතිය හොංකොංහි උපරිම ස්වයං පාලනය නැති කරනු ඇතැයි පවසමින්, ඔවුන් චීනයට සම්බාධක පනවනු ඇති බව ප්‍රකාශ කර තිබේ.

හොංකොං චීනයේ විශේෂ පරිපාලන කලාපයකි. ආපසු මව්රටට එක් වීමෙන් පසු හොංකොං විශේෂ පරිපාලන කලාපයට චීන මධ්‍යම රජය අවසර දී ඇත්තේ ජාතිකාරක්ෂාව රැක ගැනීමේ නීතිය ස්වයං ආකාරයෙන් සම්පාදනය කිරීමට ය. එහෙත් ගෙවී ගිය වසර 23 තුළ ඊට අදාළ නීති සම්පාදනය සම්පූර්ණ කර නැත. ජාතිකාරක්ෂණ ක්ෂේත්‍රයේ ලොව දැඩි ආරක්ෂක පටිපාටිය අනුගමනය නොකරන කලාපයක් බවට හොංකොං පත් ව සිටින්නේ එබැවිනි. පසුගිය වසරේ හොංකොං උදර්පණ නීති සංශෝධනය පිළිබඳව ප්‍රචණ්ඩකාරී ක්‍රියා රැසක් සිදු වීමෙන් හොංකොං හි මහජන ආරක්ෂාවටත් චීනයේ ස්වාධිපත්‍යයටත් බරපතල හානි ගෙන දී ඇත.මෙය ඕනෑ ම නීතියේ පාලනය ඇති රටකට ඉවසිය නොහැකි ය. හොංකොං ආරක්ෂණ නීති කෙටුම්පත සම්පාදනය කරන බවට මෙවර චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිය කළ ප්‍රකාශය හොංකොංහි ස්ථාවර ආරක්ෂාවට රුකුලක් ‍ලබා දෙන හෙයින් හොංකොං වැසියන්ගේ පුළුල් පිළිගැනීමට ලක් වී ඇත.

හොංකොං හි සිදු වූ ප්‍රචණ්ඩත්වය පිටුපසින් සිටියේ Mike Pompeo ලා ය. හොංකොං ආරක්ෂණ නීතිය ක්‍රියාත්මක වීමත් සමග ඔවුන්ට හොංකොං උපයෝගී කරගෙන චීන අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමේ මාර්ගයක් අහිමි වනු ඇත. ඔවුන් කලබලයෙන් කෑ ගසමින් යළි චීනයට තර්ජනය කර සිටින්නේ එහෙයිනි.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති