කොරොනා පිලිබඳ ඇමරිකාවේ පදනම් විරහිත චෝදනාවන්ට චීනයෙන් දැඩි ප්‍රතිචාර

2020-05-25 20:38:02
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

කොරොනා වසංගත පාලනය සම්බන්ධයෙන් චීනයට එරෙහිව නඩු විභාග කරමින් වන්දි ඉල්ලන බව ඇමරිකාව ප්‍රකාශ කර තිබේ. බෙයිජිංහි පැවති 13වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3වැනි සැසිය ඊයේ (24) පැවැත්වූ මාධ්‍ය හමුවේදී චීන විදේශ අමාත්‍ය වං යී මහතා කියා සිටියේ චීනයට එරෙහිව ඇමරිකාව පළ කළ අදහස් හා ගන්නා පියවර සත්‍ය කරුණු හා නීතිමය සාක්ෂි මත පදනම් නොවන බවයි. මීට පෙර ජාත්‍යන්තර වශයෙන් ගෝලීය වසංගතයක් හේතුවෙන් රටකට එරෙහි ව නඩු විභාග කිරීම හෝ රටකින් වන්දි ඉල්ලීම හෝ සිදු නොවූ බව වං යී මහතා එහිදී දැඩි ස්වරයෙන් පෙන්වා දුන්නේ ය. මෙය, ඇමරිකාව ප්‍රමුඛ බටහිර දේශපාලනඥයන්ගේ සතුරු ක්‍රියාකලාපයට චීන රජය දැඩි ප්‍රතිචාරය ලබා දුන් ප්‍රථම අවස්ථාවයි.

වෛරසයට ‍දේශී සීමාවක් නොමැත. සෙසු රටවල් මෙන් ම චීනයත් කොරොනා වසංගතයට ගොදුරු වී සිටී. වසංගත පාලනය ඉතා කෙටි කාලයකින් පාලනය කිරීමට චීනයට හැකි වී ඇත්තේ විශාල කැපවීම් මගිනි. මන්දගාමී පාලනය හේතුවෙන් ලොව වැඩිම කො‍රොනා ආසාදිතයන් සිටින රට බවට පත්ව සිටින ඇමරිකාව ගෝලීය වසංගත තත්ත්වයට වග කියන්නේ නැත්තේ ඇයි දැයි අපට ප්‍රශ්න නැගේ. කොරොනා වෛරසය සිය රටෙන් මුලින් ම වාර්තා වූ දිනය ඇමරිකාව හෙළි කළේ නැත. සිය රටේ ආසාදිතයන් සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව ඇමරිකාව අයුතු ලෙස වෙනස් කර තිබේ. ලෝක අවධානයට ලක්ව ඇති Fort Detrick රසායනාගාරයේ සැබෑ තොරතුරු මෙතෙක් ඇමරිකාව හෙළි කර නැත. ඉහත සඳහන් කරුණු පිළිබඳව ඇමරිකාව ජාත්‍යන්තර පරීක්ණයට ලක් නොවිය යුතු දැයි ඇසීමට කැමැත්තෙමු.

කොරොනා පාලනය සම්බන්ධයෙන් චීනයට එරෙහිව නඩු විභාග කිරීම, ජාත්‍යන්තර නීති හා ජගත් සබඳතා පිළිබඳ මූලධර්මය දැඩි ලෙස උල්ලංඝනය කිරීමකි. ඒ, රටක හැසිරීම් හා දේපළ සෙසු රටවල නීති සම්පාදක,අධිකරණ හා පරිපාලන පද්ධතියේ බලපෑමට ලක් නොවන බව ජාත්‍යන්තර නීතියේ සඳහන් වන හේතුවෙනි.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති