සිවිල් නීති සංග්‍රහ කෙටුම්පත කෙරෙහි චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසියේ විශේෂ අවධානය

2020-05-25 19:15:04
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

මෙවර චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසියේදී සිවිල් නීති සංග්‍රහයේ කෙටුම්පත කැපී පෙනෙන සාකච්ඡා මාතෘකාවක් බවට පත් වී ඇත. ‍එම සැසිය සිවිල් නීති සංග්‍රහයේ කෙටුම්පත සම්මත කළහොත් චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමෙන් පසු පළමු නීති සංග්‍රහය වශයෙන් සිවිල් නීති සංග්‍රහය ක්‍රියාත්මක කෙරේ. මේ වසරේ 13වැනි පස්අවුරුදු සැලැස්ම අවසන් කිරීමටත් සම්පූර්ණයෙන් සැපපහසු චීන සමාජයක් ගොඩ නැගීමටත් චීනය අපේක්ෂා කරයි. මෙවන් පසුබිම යටතේ සිවිල් නීති සංග්‍රහය මගින් චීන සමාජවාදී ක්‍රමය වඩාත් යහපත් ආකාර‍යට ඉදිරියට ගෙන යාමට අවකාශ සැලසේ. ඒ තුළින් සෑම චීන පුරවැසියෙකුගේ ජීවිතයට ගැඹුරු බලපෑම් ඇති වනු ඇත.

චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත වීමෙන් පසු 4 වතාවක් සිවිල් නීති සංග්‍රහය සම්පාදනය කිරීමට කටයුතු ආරම්භ කළද යම් යම් හේතු මත එය සාර්ථක නොවීය. එහෙත් ගත වූ වසර 5ක කැපවීම් තුළින් චීන නීති සම්පාදකයන්ට එම අභියෝගාත්මක කාර්යය අවසන් කිරීමට හැකි වී තිබේ. මෙවර චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසියට ඉදිරිපත් කෙරෙන සිවිල් නීති සංග්‍රහයේ කෙටුම්පත කොටස් 7කින් හා වගන්ති 1260කින් සමන්විත ය. යුගයේ සංවර්ධන අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් සිවිල් නීති සංග්‍රහය සැකසී තිබේ. චීන ලක්ෂණ, යුගයේ සංවර්ධනය හා ජනතාවගේ අවශ්‍යතා පිළිබිඹු වන මෙම නීති සංග්‍රහය සම්පාදනය කර ඇත්තේ ජනතා හිතවාදී ආකාරයටයි. සිවිල් නීති සංග්‍රහය සම්පාදනය කිරීමේදී 10 වතාවක් අන්තර්ජාලය මගින් ජනතා අදහස් විමසා ඇත. සාමාන්‍ය ජනතාවට පහසුවෙන් තේරුම් ගත හැකි අයුරින් මෙම නීති සංග්‍රහය සකස් කර ඇති බවත් ඔවුන්ට ප්‍රශ්න ඇති වන විට මෙම නීති සංග්‍රහයෙන් පහසුවෙන් පිළිතුරු සොයා ගත හැකි බවත් සිවිල් නීති සංග්‍රහයේ කෙටුම්පතේ සම්පාදකයන් පවසා තිබේ. මෙම කෙටුම්පත සම්මත වුවහොත් චීන නීතියේ පාලනය තවත් ඉහළ මට්ටමකට ඉහළ නැංවෙනු ඇත.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති