සිය වාර්ෂික අරමුණු හා කාර්යභාර සම්පූර්ණ කිරීමේ හැකියාව චීනයට ඇත

2020-05-22 20:05:39
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

වාර්ෂික චීන රාජ්‍ය කාර්ය වාර්තාව ආර්ථික සංවර්ධනය හා ප්‍රතිපත්තිමය ප්‍රවණතා පිළිබඳ වැදගත් දර්ශකයකි. චීන රජය අද (22) චීන ජාතික මහජන කොංග්‍රසයට ඉදිරිපත් කර ඇති 2020 වසරේ රාජ්‍ය කාර්ය වාර්තාවේ මේ වසරේ ආර්ථික වර්ධන වේගය සඳහා නිශ්චිත ඉලක්කයක් නොමැත. මෙම වසරේදී රැකියා ස්ථාවර කරමින් ජනතාවගේ ජීවනෝපාය සහතික කරන අතර දරිද්‍රතාවයට එරෙහි සටන ස්ථිර ලෙස ජය ගෙන සුවපහසු සමාජයක් ගොඩනැගීමේ ඉලක්කය සාක්ෂාත් කිරීම සඳහා උත්සාහ දරන බව එම වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම එහිදී නගරවල නව රැකියා සහ පාරිභෝගික මිල යනාදී සාර්ව පාලන ක්ෂේත්‍රයන්හි ප්‍රමාණාත්මක දර්ශක ඉදිරිපත් කෙරේ. මෙම ඉලක්කගත පද්ධති මේ වසරේ චීනයේ ආර්ථික හා සමාජීය කටයුතු සඳහා විධිවිධාන සකස් කර ඇති අතර දිශාව පෙන්වා දී ඇති බව පෙනේ.

මේ වසරේ රාජ්‍ය වාර්තාව ආර්ථික වර්ධනය සඳහා නිශ්චිත ඉලක්ක තබා නොගන්නේ ඇයි? මෙය ආර්ථික නීතිවලට ගරු කිරීම හරියටම පිළිබිඹු කරයි.

වත්මන් නව කොරොනා වසංගතය තවමත් ලොව පුරා පැතිර යමින් පවතින අතර ලෝක ආර්ථිකය බරපතල ලෙස අවපාතයක පවතී. මේ වසරේ චීන රාජ්‍ය කාර්ය වාර්තාව පෙන්වා දෙන පරිදි, ගෝලීය වසංගත තත්ත්වය සහ ආර්ථික හා වෙළඳ තත්වය බෙහෙවින් අවිනිශ්චිත වන අතර චීනයේ සංවර්ධනය අනපේක්ෂිත සාධකයන්ට මුහුණ දෙයි. මෙම පසුබිම යටතේ නිශ්චිත ආර්ථික වර්ධන ඉලක්ක තබා නොගැනීම, සත්‍යතාවයට ගරු කිරීමේ චීන රජයේ අඛණ්ඩ ශෛලිය පෙන්නුම් කරන අතර, වාර්ෂික ඉලක්ක සම්පූර්ණ කිරීම සඳහා චීන ජනතාව වැඩියෙන් උත්සාහ දැරීමට එය උපකාරී වේ.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති