ධවල මන්දිර අධ්‍යක්ෂවරයා වසංගතය පිළිබඳ ව්‍යාජ පුවත් මවමින් තම වරද අන් අය මත පැටවීමේ උත්සාහයක

2020-04-27 15:16:39
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn


වෙළඳ හා නිෂ්පාදන ප්‍රතිපත්ති පිළිබඳ ධවල මන්දිර කාර්යාලයේ අධ්‍යක්ෂක PeterNavarro මෑතකදී වසංගතය ප්‍රයෝජනයට ගෙන කුමන්ත්‍රණකාරී ප්‍රකාශ කරමින් චීනයට පහර දුන්නේය. මුලුමනින්ම අසත්‍ය වන මෙම කටකතාවල අරමුණ ඉතාමත් පැහැදිලිය. ව්‍යාජ තොරතුරු සහිත ගොතන ලද එම ප්‍රකාශ තම වරද අන් අයට පැටවීමක් වැනියි. වසංගතයට ඇමරිකානු ෆෙඩරල් රජය දක්වන ප්‍රතිචාරය වසන් කිරීමයි එහි අරමුණ.

ලෝක සෞඛ්‍ය සංවිධානයට පළමු වරට චීනය විසින් නව කොරොනා වෛරස් වසංගතය පිළිබඳව වාර්තා කළ නමුත්, එයින් අදහස් කරන්නේ වෛරසය වුහාන් නගරයෙන් ආරම්භ වූ බවක් නොවේ. සැන්ටා ක්ලාරා ප්‍රාන්තයේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් මෑතකදී නිකුත් කරන ලද වාර්තාවකට අනුව, පෙබරවාරි 6 වන දින කැලිෆෝනියාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නව කොරොනා වෛරස් වසංගතය වාර්තා වී තිබේ. "මෙයින් පෙනී යන්නේ නව කොරොනා වෛරසය අවම වශයෙන් ජනවාරි හෝ ඊට පෙර, එම කලාපය තුළ ව්‍යාප්ත වීමට පටන් ගෙන ඇති බවයි" යනුවෙන් ප්‍රාදේශීය ප්‍රධාන විධායක JeffreyV.Smith මහතා ප්‍රකාශ කර ඇත.

දැනට, ඇමරිකාවේ ලක්ෂ 9 කට වැඩි කොරොනා ආසාදිතයන් පිරිසක් තහවුරු වී සිටිති. ඇමරිකාවේ සතුරා වන්නේ වෛරසය මිස චීනය නොවේ. කටකතා වල පැටලෙනවා වෙනුවට, ප්‍රායෝගිකව වසංගත විරෝධී ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ඇමරිකානු ජනතාව බේරා ගැනීම වඩාත් හොඳය!
  

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති