“ජනතාව වෙනුවෙන් සහ ජනතාව මත යැපීම” චීන වසංගත පාලනයේ රහසයි

2020-04-26 17:41:32
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn


දිනකට නව කොරොනා ආසාදිතයන් 13000 කට වඩා වැඩි සංඛ්‍යාවක සිට රෝහල්ගතව සිටින කොරොනා රෝගීන්ගේ සංඛ්‍යාව බිංදුව දක්වා පාලනය කිරීම වුහාන් ආරක්ෂක යුද්ධයේ සාර්ථකත්වය මැනවින් සංකේතවත් කරයි. එම ප්‍රතිඵලය ලබාගැනීම ඉතාමත් අපහසු දෙයකි.

නව චීනය පිහිටුවීමෙන් පසු වේගයෙන් පැතිරෙන පුළුල්ම ආසාදනය මෙන්ම වැළැක්වීමේ හා පාලනය කිරීමේ විශාලතම දුෂ්කරතාවකින් යුත් මෙම පොදු සෞඛ්‍ය හදිසි සංසිද්ධිය, චීන රජය කෙටි කාලයක් තුළ පරාජය කිරීමට සමත් වූයේ කෙසේද යන්න පිළිබඳව අන්තර්ජාතික ප්‍රජාවේ බොහෝ අය ගවේෂණය කරමින් සිටිති. ඇත්ත වශයෙන්ම, පිළිතුර ඉතා සරල ය: ජනතාව සඳහා සෑම දෙයක්ම, සියල්ල ජනතාව මත රඳා පැවතීම, යන්න ඊට හේතුවයි.

කොරොනා වසංගතය පැතිරී යාමෙන් පසු චීන උත්තරීතර නායක ෂී ජින් පිං මහතා නිතරම අවධාරණය කළේ ජනතාවගේ ආරක්ෂාවට හා සෞඛ්‍යයට මුල් තැන දිය යුතු බවයි. එවැනි සංකල්පයක මග පෙන්වීම යටතේ මුළු රටම සෑම මිනිත්තුවකටම සහ සෑම තත්පරයකදීම රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ඉක්මන් වී ඇති අතර වසංගතය පැතිරීම වැළැක්වීමට උපරිම උත්සාහයක් දරයි.

විදේශීය නායකයන් සමඟ කතා කරන විට ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කළේ “මෙම වසංගතය පරාජයට පත් කිරීමට අපට ශක්තිය හා විශ්වාසය ලබා දෙන්නේ චීන ජනතාවයි” සහ “ජනතාව සැබෑ වීරයන්” වන බවයි .



වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති